ත්‍රී රෝද රථ ධාවනය ගැනත් එහි ගාස්තු ගැනත් සංවාදයත් පැවතියේ කාලයක සිටිය. ධාවනය පිළිබඳ සංවාදයට හේතු සාධක වූයේ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් වූ අනතුරැ බහුලවීමයැයි කියන්නට පුළුවන. රටේ රථ වාහන ධාවනයේ සාපේක්ෂ තත්ත්වය ගත්කළ ත්‍රී රෝද රථවල ධාවනයෙහි සංයමයක් නැත. බොහෝ රියදුරෝ මාර්ග නීති උල්ලංඝනය කරති. ගාස්තු සම්බන්ධයෙන් ගැටලු මතුවන්නේ අයුක්ති සහගත මිලක් අයකිරීම නිසාය. ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් එකම දුර ප්‍රමාණයට විවිධ ගණන් අයකරති. බොහෝ මගීන් එම අයකිරීම් සලකන්නේ අත්තනෝමතික අයකිරීම් ලෙසය.
කුලී රථ සේවාව සඳහා යොදවා ඇති සෑම ත්‍රීරෝද රථයකටම මීටර් සවිකිරීම අනිවාර්ය කර තිබේ. මීටරය සවිකිරීම සඳහා බොහෝ රියැදුරෝ ඒ කාල සීමාව තුළදී කුලී රථ සේවාව සඳහා මීටරය සවි කළහ.
කෙසේ වෙතත් මේ වනවිට මාසිකව ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් ලංකා ස්වයං රුකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය ඔවුන්ගේ ත්‍රීරෝද ගාස්තු මීටර් සහිතව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් මිලෙහි සංශෝධනයන් සිදුවන බවට මුදල් අමාත්‍යවරයා අඩු නොවීම හේතුවෙන් ඔවුන් විසින් මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.
රටේ පොදු ප්රවාහණය දෙස බලන විට ත්‍රී රෝද රථය දුප්පතාගේ වාහනය ලෙස පැවසුව ද මේ වනවිට බොහෝ මගීන් පන්ති භේදයකින් තොරව සිය අවශ්‍යතාවන් සපුරා ගැනීමට ත්‍රී රෝද රථය භාවිත කරන බව පෙනෙන්නට ඇත. ත්‍රී රෝද රථ ධාවනයෙන් සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් සිය ජීවිකාව සරිකරගන්නා අතර තවත් විශාල පිරිසක් එය සිය දෛනික කටයුතු සඳහා යොදා ගනිති. මේ වනවිට මෙම සේවාව අපගේ ආර්ථික ක්‍රියාවලියේ නිත්යම අංශයක් ලෙස සැලකීම වඩාත් නිවැරදිය.
ත්‍රී රෝද රථයකින් සේවාව ලබාගන්නා මගියාගේ අපේක්ෂාව වන්නේ ආරක්ෂා සහිතව සාධාරණ මිලකට තම ගමන් පහසුව සලසා ගැනීමය. රියැදුරාගේ හා හිමිකරැවාගේ අපේක්ෂාව වන්නේ සිය ධාවනයෙන් ලාභ උපයා ගැනීමය. කුලී රථ සේවයෙන් මේ දෙකම සිදුවිය යුතුය. එහෙත් ඇතැම් ත්‍රී රෝද රථ රියැදුරෝ මගීන් ගසාකෑමට පෙළඹෙති. මීටරයක් තිබේ නම් මගීන් ගසා කෑමට රියදුරන්ට නොහැකිය. එබැවින් බොහෝ මගීහු මීටරය සහිත කුලී රථ සේවාවකින් සිය අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඉමහත් කැමැත්තක් දක්වති.
අපි මීටර් ගලවනවා: ඒකේ වාසිය මගීන්ටයි
සුනිල් ජයවර්ධන - ජාතික ත්‍රී රෝද සම්මේලනයේ සභාපති
මාසික පෙට්‍රල් මිල ඉහළ යාම හේතුවෙන් ත්‍රී රෝද රථ ගාස්තු මීටර් රහිතව ක්‍රියාත්මක කිරීමේ තීරණය පිළිබඳව ලංකා ස්වයං රුකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා දේශයට මෙලෙසින් සිය කරැණු පැහැදිලි කළේය.
“මේ ඉන්ධන මිල සූත්‍රය පටන් ගත් දින පටන්ම සෑම මසකම 10 වැනිදාට සිදුවූයේ ඉන්ධන මිල ඉහළ යාමක් පමණයි. මේ පෙට්‍රල් ගාස්තු මෙම මිල සූත්‍රයට අනුව අඩුවීමක් සිදුවූයේ නැහැ. මේ වැඩිවෙන ඉන්ධන මිලට සාපෙක්ෂව අපට අපගේ ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ නැංවීමට නොහැකියි. එහෙම වුණොත් එය අප අපගෙන් සේවය ලබාගන්නා පාරිභෝගිකයන්ට කරන අසාධාරණයක් මේ නිසා මේ ඉන්ධන මිල වැඩිවීම මාසිකව සිදුවීම හේතුවෙන් අපගේ සම්මේලනය තීරණය කර තිබෙනවා මීටර් ක්‍රියාත්මක නොකර ධාවනයේ යෙදෙන්න මේ මීටර් ක්‍රියාත්මක කිරීමේදී රැඳී සිටින කාලය තුළදී එහෙම නැත්නම් වේටින් වෙන කාලය තුළදී රුපියල් 02 සිට රුපියල් 3.50 දක්වා පොරොත්තු ගාස්තුවක් එකතු කළ යුතුවෙනවා. නමුත් මීටරයක් නැතිව දුවනකොට එම පොරොත්තු ගාස්තුවක් අයවෙන්නේ නැහැ. බොහෝ මගීන්ට මේක තේරෙන්නේ නැහැ.
ඒ අනුව බලන විට මීටර් සවිනොකර හයර් කරන විට මගීන්ට යම් වාසියක් සිදු වෙනවා. මේ වනවිට අප සම්මේලනයට අයත් ත්‍රී රෝද රථ 64000ක් පමණ මීටර් ක්‍රියාත්මක කරන්නේ නැතිව ධාවනයේ යෙදෙනවා කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. යම් අයෙකු කියනවා නම් මේ මීටර් නැතිව ත්‍රී රෝද රථ ධාවනය කරනවට ක්‍රියාමාර්ග ගන්නවා කියලා අප ඔවුන්ට අවධාරණය කරනවා මේ රට පුරා සවි නොකරපු ත්‍රී රෝද රථ ලක්ෂ 6 ½ක් පමණ තියනවා ඒ ත්‍රී රෝද රථවලට එරෙහිවත් පියවර ගන්න කියලා.
කවුරු කිව්වත් අපි මීටර් ගලවන්නේ නෑ
ලලිත් ධර්මසේකර - සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති
මේ ඉන්ධන මිල සංශෝධනය කරන විට අපගේ සංගමය ත්‍රී රෝද රථ ගාස්තුවල ඉහළ දැමීමක් හෝ මීටර් නැතුව ධාවනය කිරීමක් සිදුවන්නේ නැහැ. මීටරය අනිවාර් යෙන්ම තිබෙනවා. අපගෙන් සේවය ලබාගන්නා පාරිභෝගිකයන් සඳහා විධිමත් සේවයක් සැපයීම තමයි අපගේ බලාපොරොත්තුව. අනිත් අය මොන දේ කළත් අපි කරන්නේ මේ රටේ සිදුවෙන ක්‍රමවේදයට අනුව වැඩ කිරීම අපගේ සේවයට සරිලන මිලක් පාරිභෝගිකයාට සරිලන ගාස්තුවක් මේ මීටරය මගින් ඉටුවෙනවා. අපගේ සංගමයේ කිසිදු අයකු මීටර් නැතුව ධාවනයේ යෙදෙන්නේ නැහැ. විධිමත් විදිහට තමයි අපගේ සේවය ජනතාව සලස්වන්න අපි බලාපොරොත්තු වන්නේ.
මීටර් නැත්නම් අත්අඩංගුවට ගන්න පුළුවන්
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ
මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රී රෝද රථවල මීටර් ගලවා මගීන් ප්‍රවාහනය කළහොත් එය නීති විරෝධී ක්‍රියාවක්. 2016 දී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා මීටරය අනිවාර්ය කරනු ලැබුවා. මෙලෙස ත්‍රී රෝද රථවල මීටරය ඉවත් කළහොත් මගීන්ගෙන් මුදල් ගසාකෑම් වැඩි විය හැකියි. ඉදිරියේදී මගී ප්‍රවාහනය කරන ත්‍රී රෝද රථවල මීටර් නැතිව ධාවනය කළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට පවරනවා.
සටහන - හසිත් අංජන