2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

කුරුඳු සුවඳ උතුරන හික්කඩුවේ සොඳුරු නවාතැන Dahana Resorting

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

හික්කඩුව කියන්නෙ හැටේ දශකයේදී පවා ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක්. සීනිගම දෙවොල නිසා දේශීය විදේශීය සංචාරකයන් අත‍ර සුප්‍රසිද්ධ සීනිගම දෙවාලයත් මේ ජනප්‍රියත්වයට හේතුවක්.

කෙසේ නමුත් මේ කතාව සීනිගම ගාලුපාරට ඔබ්බෙන් කුඩා කඳු ගැටයක් මත පිහිටන හරිතවත් ගහකොළින් වට වූ යටත් විජිත සමයේ බංගලාවක් ගැන. සැබැවින්ම එය මේ වනවිට විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධ Dahana Resort නම් වෙනවා. අතීතයේ විදේශීය වැවිලිකරුවකුට අයත් වූ බංගලාව කුරුඳු වගාව නිසාවෙන්ම සෑම මොහොතකම කුරුඳු මල් සුවඳින් ඉතිරිලයි තියන්නෙ. මනස සුවපත් කරන අපූරු නවාතැනක්.

බොහෝවිට homestay සඳහා පැමිණෙන සංචාරක පවුල් අතර මේ නවාතැන ප්‍රසිද්ධියක් උසුලනවා. Luxury rooms වගේම family suits සියල්ලක්ම mini bade posit of cold water, cable tv, safety deposit box, satellite tv ඇතුළු සුඛෝපභෝගී නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණයි. මේ නවීන පහසුකම් අතර දේශීය ආගන්තුක සත්කාරයන් බුක්ති විඳිමින්  සම්භාව්‍ය පරිසරයක් වින්දනය කරන්න ඔබටත් හැකිය. දේශීය, යුරෝපීය හා චීන ආහාරවලින් වගේම නිවර්තන කලාපයේ නැවුම් පළතුරුවලිනුත් ඔබට සංග්‍රහ කරන්න ඔවුන් සූදානම්. ඒ වගේමයි seafood සඳහාත් Dahana Resort ප්‍රසිද්ධියක් උසුලනවා.

Dahana Resort හී නවාතැනක් ගන්න සංචාරකයන්ට හික්කඩු මුහුදු තීරයේ පිහිනන්න කිමිදෙන්න surf කරන්න වගේම තවත් ජල ක්‍රීඩා රැසකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේමයි කුරුඳු හා තේ වගාවන් නරඹන්න, අම්බලන්ගොඩ වෙස්මුහුණු කර්මාන්තය දැකගන්න, කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානවල වගේම ගාලු කොටුවේ සංචාරයන්ට එක්වෙන්න, මාදු ගඟේ සවාරි යන්න වගේ සංචාරක අත්දැකීමක් රාශියක් ලබාගන්න පුළුවන්. පහසුවෙන් දකුණු ලක සංචාරය කළහැකි නිස්කලංක සුන්දර නවාතැනක්.

I සනත් වීරසූරිය 
සේයාරූ : නීල් සිරිවර්ධන