2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ඩබල් ඩෙකර් බර්ගර් තිබෙන තිඹිරිගස්යායේ රාජකීය කැෆේ එක Cafe Noir

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

අපූරු අවන්හල් සොයා යන මගේ චාරිකාවේදී හමුවුණු අලුත්ම තැන තමයි තිඹිරිගස්යාය Cafe Noir. එහි අභ්‍යන්තරය සාමාන්‍ය Cafe එකකින් වෙනස් වන්නක්. සැබැවින්ම එහි ගෘහභාණ්ඩ, බුමුතුරුණු, ආලෝකය ආදී සියල්ලක්ම සුඛෝපභෝගී රාජකීය පරිසරයක් මවාපානවා. මෙහි ආහාර වර්ග සුවිශාල ප්‍රමාණයක් තෝරාගැනීමට ඉදිරිපත් කර තිබෙනවා.

උදේ ආහාරයට සහ ප්‍රධාන ආහාරයට ගැලපෙන ආහාර මෙන්ම අතුරුපස වර්ග, Pasta, shakes, drinks, burger වැනි විවිධ ආහාර දවස පුරාම මිලදී ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඔබට කාර්ය මණ්ඩලයේ සහය ලබාගන්නත් හැකියි. කෙසේ වෙතත් මෙනුව Tab පරිගණකයක ප්‍රදර්ශනය කර තිබෙනවා. මම ප්‍රධාන වශයෙන් රස බලපු ආහාර තමයි, Coriander Pesto Pasta with Grilled chicken, Grilled Fish, Pan Friend chicken breast, Beef stew Volcano, Double decker Burger.

හැම දෙයක්ම පුදුම හිතෙන රසයකින් යුතුයි. ඒත් Beef Stew එක ඒ අතරිනුත් විශේෂ වුණු බව නොකියම බෑ. ජීවිතය වඩාත් රසවත් කරන පැණි රස ආහාර කිහිපයකුත් Cafe Noir හීදී රස බලන්න මම හිතුවා.

Strawberry mint mojito, Cookie Creme Brulee frappe, Nutella shake, Dark fudge shake. කියාගන්න බැරි රසයක්....

සමස්තයක් විදිහට උසස් තත්ත්වයේ ආහාරපාන රසවිඳින්න උසස් වටපිටාවක් සලසන අපූරු තැනක් තමයි Cafe Noir. රථ ගාල තරමක් කුඩා වුණත් වදවෙන්න එපා, ඔවුන් කෙසේ හෝ ඔබේ වාහනය නවත්වන්න ඉඩකඩක් සලසාවි. සැබැවින්ම ඔබ පැමිණිය යුතුම තැනක්.

I ධනූ