2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

පොතක් කියවන ගමන් කෝපි එකක් බොන්න අපූරු අවන්හල Page and coffee

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

අවන්හලක වාඩිවෙලා තේ එකක් රස විඳින ගමන් පොතක් කියවන්න ඇත්නම් අපූරුයි නේද? Page and coffee කියන්නෙ ඒ වගේ අපූරු තැනකි. කලින් තිබුණු ස්ථානය වෙනස් කරල Stafford වෙත ගෙන ගොස් තිබෙන page and coffee දැන් හරියට beach cafe එකක් වගෙයි. එළිමහනේ හෝ ඇතුළත ආසන 40 ක් පමණ සපයන අතර ආහාරවල වගේම පොතේ රසත් වැඩිවෙන අපූරු පරිසරයකි. ඔවුහු විශේෂ උත්සව සඳහාත් අවන්හලේ ඉඩකඩ සලසා දෙති.

මේ මම තෝරගත්ත අවන්හලේ මෙනුවෙන් කොටසකි.

Latte
Peanut butter milkshake
Prawn toast
Fettuccine Alfredo
Grilled chicken submarine
Oreo cheese cake 

විශේෂයෙන්ම peanut butter milkshake, prawn toast සහ Fettuccine Alfredo ඔබ රස බැලිය යුතුමයි. ඒ තරම් රසයි. ඒ වගේම කාර්ය මණ්ඩලයත් හරිම සුහදශීලීයි. ඉතින් ඔබටත් නිවාඩු පාඩුවේ පොතකුත් අතට අරන් page and coffee වෙත ගොඩවෙලා බලන්න පුළුවනි.

 Life Web ඇසුරින්

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00