2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ආදරය කරන අය වෙනුවෙන්ම වෙන්වුණු The central perk

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

Marine Drive වල තිබෙන The Central Perk කියන්නෙ Coffe වලට ආදරය කරන අය වෙනුවෙන්ම වෙන්වුණු තැනක්. හිමිකරුවන් වන මිතුරන් හතර දෙනෙකු අයත් මේ අවන්හල මිත්‍රත්වයම පාදක කරගෙම නිර්මාණය වූවක්. The central perk කියන නම අවන්හලට ලැබෙන්නේත් 90 දශකයේදී ඔවුන් නරඹපු FRIENDS TV Series එක පාදක කරගෙන. හොඳම තත්ත්වයේ coffe එකක් රසවිඳින්න අපූරුම තැනක්.

The Central Perk මහල් තුනකින් යුක්තයි. පළමු මහල Non Smoking lounge එකක් ලෙසත් දෙවන මහල Smoking lounge එකක් ලෙසත් ඉහළ මහලේ සවස 5.00න් පසු විවෘත කරන Shisha Bar එකක් ලෙස නිර්මාණය වී තිබෙනවා. කොතරම් සෙනඟ ගැවසුනත් ආසන 100කට අධික මෙම ස්ථානයේ සැප පහසුවට ඉඳගෙන කැමති දෙයක් රසවිඳින්න පුළුවන්. ඒ වගේම වෙරළ දර්ශනය විඳගන්නත් හැකියි.

ඔවුන්ගේ වඩාත්ම අළෙවි වන දේවල්  විදිහට Spanish latte, Central Mint Ice fusion, Hazelnut Ice fusion ආදී තවත් දිගු මෙනුවක් අපිට ඉදිරිපත් කළා. ඔවුන් මා වෙනුවෙන් ආහාර වර්ග කිහිපයක්ම නිර්දේශ කරා. කොහොම නමුත් බීමවර්ගය විදිහට මම තෝරාගත්තෙ Central Mint Ice Fusion සහ Salted Caramel. ඒ වගේමයි How you doing (Fried chicken), Awkward Monica  (smoked beef salad), Moo point (Beef Burger), The one with Chicken (Chicken Pasta) කියන අපූරු නම් තියන ආහාරත් රස බැලුවා. මේ අතරින් මගේ හිත වඩාත් ඇදීගියේ Fried Chicken වෙතට. සැබැවින්ම රසවත්.

දම්පාට දොරෙන් ඇතුළුවෙන ඔබට එක ඔබේ ළමා කාලයේ ඒ සුන්දර කතාමාලාවම මතක් කර දෙනු නිසැකයි. ඉතින් ඔබට මිතුරන් සමඟ විනෝද වෙන්න වගේම මිතුරන් සොයාගන්නත් මේ අපූරු අවන්හල තෝතැන්නක් වේවි.