විවාහය පෙන්වනු ලබන්නේ ප්‍රධාන වශයෙන් හත්වැනි භාවයෙනි. 2 සහ 11 යන භාව ද මීට සම්බන්ධය. 2 කුටුම්භ ස්ථානය වශයෙනුත් 11 බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට හේතුවන භාවය වශයෙනුත් සදාකාලික මිත්‍රත්වයක් ඇතිකර ගැනීමේ භාවය වශයෙනුත් එකිනෙකට සම්බන්ධ වේ. මීට අමතරව 5 ප්‍රේම විවාහයක් පෙන්වයි. ඒ කියන්නේ 5 වන භාවය 7 සහ 11ට සම්බන්ධ වුවහොත් එය ප්‍රේම විවාහයක් වේ. මෙය 7 සහ 11ට සම්බන්ධ වීම කිහිප ආකාරයකින් සිදුවෙයි. 5 අධිපති 7 සහ 11 සමඟ යෝග වීම, දෘෂ්ටි වීම මේ අතර වේ. ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය අනුව නම් 5 අධිපති 7 සහ 11 අධිපතියන්ගේ නැකැත්වල සිටීම එමගින් පිළිගැනේ. විවාහයට බාධා ගෙන දෙන්නේ ප්‍රධාන වශයෙන් 6 සහ 12 වැනි භාවයෙනි. මේවා පාප පීඩිත වුවහොත් විවාහය කඩාකප්පල් වීම පවා සිදුවේ. 10 වැනි භාවය ද 11 සිට 12 වීම ඒ තරම් හොඳ නැත. 10 හි ග්‍රහයන් වැඩි වීමද විවාහය ප්‍රමාද වීමට හෝ කැඩීමට හේතු වෙයි. 8 වැනි භාවයෙන් විවාහයේ කරදර බාධක ඇති බව පෙන්වයි. නමුත් ඒ නිසාම විවාහය කැඩෙනවා යැයි සහතිකයක් දිය නොහැක. තම ඥාතියකු සමඟ විවාහ වීම හෝ අසල්වැසියකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීම 3 වැනි භාවයෙන් පෙන්වයි. ඈත පළාතක කෙනකු සමඟ හෝ විදේශගත වී සිටින කෙනකු සමඟ විවාහ වීම 9 සහ 12 අනුව පෙන්වයි. දෙවැනි විවාහයක් සිදුවීම 2න් පෙන්වයි. 2, 7 සහ 11 සමඟ ඉහත කී ආකාරයට සම්බන්ධ වුවහොත් ද දෙවැනි විවාහයක් පෙන්වයි. නමුත් මුස්ලිම් ජනයා හට මේ තත්ත්වය වලංගු නැත. හේතුව ඔවුන්ට දික්කසාද නොවී විවාහ හයක් කර ගන්න පුළුවන් වීමයි. (අප දන්නා පරිදි) එම නිසා මේ ගැන ද සැලකිලිමත් විය යුතුය. සමහර විට විවාහයට විරසක ස්ථාන වූ 6 සහ 12න් විදේශගත රුකියාවට යාම පෙන්වයි. මේ නිසා එමගින් තාවකාලික වෙන්වීම් පෙන්වයි.
සදා සමගියෙන් සිටීමට නම් 2, 5 සහ 11 නියෝජනය කරන ග්‍රහයන් පාප පීඩිත නොවී සිටිය යුතුය. පාපීන් 7 සිටීම හොඳ නැතැයි පිළිගත් මතයකි. පාපීන් ලෙස සැලකෙන්නේ කුජ, රාහු, කේතු හා ශනි ය. මෙහිදී ද මේ අනුව ප්‍රතිඵල කීමට ප්‍රවේසම් විය යුතුය. ඉහත කී පාපීන්ට ගුරැගෙන් හෝ සිකුරැගෙන් සුබ දෘෂ්ටියක් තිබුණහොත්, ප්‍රධාන වශයෙන් 1200,, 600 හෝ 1450 වැනි සුබ දෘෂ්ටියක් ඇත්නම් ඉහත සඳහන් පාපීන්ට තමාට රිසි සේ පාපී ගුණය ඉස්මතු කළ නොහැක. ශනි ගැන ද විශේෂයෙන් කිව යුතු යමක් ඇත. ශනි 7ට දිග් බලය යැයි සැලකේ. එම නිසාම එක එල්ලේම ශනි 7ට පාපියෙක් යැයි සැලකීමට නොහැක. මේ නිසා පලාඵල කීමේදී මේ පිළිබඳ ප්‍රවේසම් විය යුතුය. ශනි ඕනෑම දුකක්, ගැහැටක් විඳ දරාගෙන ඉවසීමෙන් ශක්තිය ප්‍රගුණ කරන ග්‍රහයා වේ. එම නිසා හැලහැප්පිලි ඇති නමුත් විවාහය දෙකට නොකැඩී ගෙන යා හැකිය. එම නිසා ඔහු එකවර පාපියෙක් යැයි කීමට ප්‍රථම කේන්දරයේ බොහෝ කාරණා සාපේක්ෂ කළ යුතුය. යුරේනස් හා නෙප්චූන් ගැන ද සැලකිල්ලක් දැක්විය යුතුය. බටහිර ජ්‍යොතිෂවේදීන් මෙහිදී යුරේනස් හා නෙප්චූන් ගැන ද සැලකිල්ලක් දක්වන බව පෙනේ. යුරේනස් හා නෙප්චූන්ට දසා කාල නැත. එම නිසා ඔවුන් සමඟ දසා කාල ඇති ග්‍රහයන් යෝග වී හෝ දෘෂ්ටි වී ඇත්නම් එම ග්‍රහයන්ගේ ප්‍රතිඵල දේ. යුරේනස් 7 සිටින විට හදිසි විවාහ සිදුවිය හැකිය. යුරේනස් 7 හි ඇති විට කාලත්‍රයා අමුතු ජාතියේ පුද්ගලයෙකි. තේරැම් ගැනීමට පවා ටිකක් අපහසුය. හදිසි තීරණ ගනී. නෙප්චූන් 7 සිටින විට විවාහ යෝජනාවේ දී රැවටීමට භාජනය වේ. නෙප්චූන් 5 සිටින විට පෙම්වතා හෝ පෙම්වතිය කියන්නේ බොරුය. කියන සෑම වචනයක්ම සොයා බැලිය යුතුය. මේ නිසා විශේෂයෙන් පෙම්වතුන් පෙම්වතියන් එකිනෙකාගෙන් ප්‍රවේසම් විය යුතුය.
එම්. විජයවංශ හිමි
පානදුර