2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ආහාර ජපන්: කුළුබඩු ලංකාවෙන් Chef Tyro Fusion Restaurant

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

බිෂොප් විද්‍යාලය අසල Rocco’s Residence වලට පහළින් විවෘත වුණු කොළඹ නගරයේ අලුත්ම ජපන් ආහාර අවන්හල තමයි Chef Tyro Fusion Restaurant කියන්නෙ. ජපන් ආහාරවලට දේශීය කුළුබඩු සමග නැවුම් ආරක් ගෙන දෙමින් Kottu සිට Chinese, Western, Italy, Japanese දක්වා ඕනෑම ආහාර වර්ගයන් පිළිගන්වන්නට Chef Tyro සූදානම්. විශේෂයෙන්ම ඔහු පළපුරුදු Sushi සූපවේදියෙකු වන අතර Edo අවන්හලේ හිමිකරුද වෙනවා.

මේ ස්ථාන ගැන කියනවා නම් තරමක් ජපන් ආරකට නිර්මාණය කර තිබෙනවා. නමුත් තරමක් ජනාකීර්ණ නිරන්තරයෙන්ම පාරිභෝගිකයන් පිරිණු තැනක්. ලංකාවේ ජපන් ආහාර තරමක් මිල අධික වුණත් මෙහිදී තරමක් අඩු මිලකට ඔබට ආහාර ලබාගත හැකියි.

මම මුලින්ම රස බලපු Ebi Tempura වලට බැදපු ඉස්සන් 6ක් සමඟ Tempura Sauce අඩංගු වුණා. Gyu Donburi Bowl එක නම් ගෙවන මිලට හරිම සාධරණයි. Beef, පැණිරස Sauce, ඇලෙනසුළු ජපන් බත් සමග පිළිගැන්වුණු එය හරිම රසවත්. උසස් තත්ත්වයෙන් පිළිගැන්වුණු Wagyu Beef Sliders වගේම Chicken Teriyaki රසබලන්නත් මට හැකිවුණා. විශේෂයෙන්ම ජපන් බත් කෝප්පයක්, එළවළු, Chicken කැබලි සහ පැණිරස Sauce වලින් සමන්විත වුණු Teriyaki නම් අමතක කරන්නම බැරිතරම් රසවත්. බීමවර්ග විදිහට මම තෝරාගත්තෙ Peach and Passion Mojito සහ Tyro Crush. Tyro Crush එක මම අනිවාර්යයෙන්ම ඔබට නිර්දේශ කරනවා.

කොළඹ අහසේ සුන්දර දසුනක් නෙත ගැටෙමින් අපූරු ජපන් ආහාරයක් රසවිඳින්න Chef Tyro Fusion වෙත ඔබ යා යුතුමයි.

Life wen ඇසුරින්

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00