2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

කුකුළේ ගඟ නිම්නයේ සොඳුරු නවාතැන Laya leisure

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමේ මෝල්කාව ගම්මානයට ඔබ්බෙන් කුකුළේ ගඟ නිම්නයේ නිතර නොදකින අපූරු ගැඹුරු සුන්දරත්වයකින් අනූන පරිසරයක පිහිටි Laya leisure ගැනයි මේ. පෙර කුකුළේ ගඟ resort ලෙස හැදින්වූ Laya leisure හී භාරකාරත්වය හා කළමනාකාරීත්වය යුද හමුදාව සතුය.

පෙරදී විදේශීය හමුදා නිලධාරීන්ට සහ කුකුළේ ගඟ ව්‍යාපෘතියේ විදේශීය ඉංජිනේරුවන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයුවත් පසුව සංචාරකයන් සඳහාත් ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ. Laya යන සංස්කෘත වදනෙන් පෙන්නුම් කරන සන්සුන් සාමකාමි ආස්වාදජනක බව අක්කර 12ක සුවිසල් වෘක්ෂලතාවන්ගෙන් තේජවත් වූ මේ පරිසරයට අපුරුවට ගැලපෙයි.

මෙහි වෙන වෙනම A B C වර්ග 3 ක් යටතේ මහල් නිවාස 52ක් ඇති අතර අමුත්තන් 198 දෙනකුට පහසුකම් සැපයීමේ හැකියාව පවතී. සුඛෝපභෝගී පහසුකම්වලින් අංගසම්පූර්ණ තරැපන්තියේ පහසුකම් සාධාරණ මිලකට ලබාදීම ඔවුන්ගේ විශේෂත්වයයි.

Squash, Gymnastics, Archery, Swimming pool, Pool table, Karaoke Lounge, Summer Huts, Sauna, Spa, Auditorium, Vollyball Tennis Cricket Playgrounds ආදී සාමාන්‍ය හෝටලයක නොලැබිය හැකි තරම් පහසුකම් වලින් Laya leisure සමන්විතයි. ආහාර ගැන කතාකරනවා නම් Western, Oriental, Chinese, Indian ආදී ඕනෑම ආහාර වර්ගයක් පිරිනමන්න ඔවුන් සූදානම්. විශේෂයෙන්ම තටාකය අසල ආහාර වේලක් රසවිඳින්නත් ඔබට පුළුවනි.

මාකෙළි ඇල්ල, පාහියන්ගල ඇතුළු ගල්ගුහා, ගංගා ආදී ස්වභාවික සංචාරක ස්ථාන රැසක් වෙත මෙහි සිට ළඟාවීමට හැකියි. සිංහරාජ වනාන්තරයටද ඇත්තේ පැය 2ක පමණ දුරකි. ඒ වගේම මේ ප්‍රදේශය ඓතිහාසික වටිනාකමකින්ද යුක්තය. Laya leisure හී ලැගුම්ගන්නා ඔබට බෝට්ටු සවාරි සඳහාත් එක්විය හැකියි. ඔබත් මේ අපූරැ පරිසරයෙ සුන්දර නිවාඩුවක් ගතකරන්න අමතක කරන්න එපා.

සනත් වීරසූරිය 
සේයාරූ ; ශාන් බන්දු