මහවැලි නදිය දිස්වන මානයේ කඳුරට නිසංසල පරිසරයක පිහිටා තියෙන Cinnamon Citadel Kandy හෝටලය කියන්නේ ආගන්තුකයන් ප‍්‍රාර්ථනා කරන සොඳුරු ශාන්ත අත්දැකීමක් තිළිණ කිරීමට සැදී පැහැදී සිටින හෝටලයක්. එය වටා පිහිටි සිත් වසඟ කරවන පරිසරය වගේම හෝටලය තුළ තිබෙන ශාන්ත ස්වභාවයත් අවට සාරවත් හරිත වර්ණයෙන් යුත් භූ දර්ශනයත් ආගන්තුකයින් අලුත්ම ලොවකට කැඳවාගෙන යාමට සමත්.
මේ අත්දැකීම තවත් සුන්දර කර ගැනීමට ශ‍්‍රී ලංකාවේ දිගම ගඟ වන මහවැලි ගඟේ බෝට්ටු සවාරියක නිරතවීමේ අවස්ථාවක් පවතිනවා මෙය සාමාන්‍ය බෝට්ටු සවාරියකට වඩා වෙනස් වන්නේ Cinnamon Hotels & Resorts හි පාරිසරික සංචරණ හා විනෝද ගමන් අංශය වන Cinnamon Nature Trails හා අනුබද්ධ ප‍්‍රවීණ සොබාදම්වේදීන්ගේ මඟපෙන්වීම යටතේ මෙරටට ආවේණික කුරැල්ලන්ගේ හඬෙහි මිහිර විඳිමින් උන් පිළිබඳ දැනුමක්ද ලැබෙන ආකාරයේ සංචාරයක්වන නිසායි.
මහවැලි නදිය සහ අවට කඳු පෙළට මුහුණලා පිහිටා තිබෙන හෝටලයේ ප‍්‍රධාන අවන්හල වන ‘පැනෝරාමා’ හි ආහාර වේලක රස විඳින අතරතුරම ජෛව විවිධත්වයෙන් ගහන වූ අවට ප‍්‍රදේශයේ කුරුලු ජීවිතය, වන සතුන්ගේ පැවැත්ම ආදිය පිළිබඳව අපූරු අත්දැකීමක් ලැබීමේ අවස්ථාවත් ආගන්තුකයන්ට උදාවෙනවා. එවැනිම අත්දැකීමක් පිහිනුම් තටාකයේ බැස සිහිලැල් අස්වාදය විඳින අතරතුරදී ලබාගන්නත් පුළුවන්.
සොබාදම්වේදීන්ගේ කුසලතාපූර්ණ මඟපෙන්වීම මත වනගත ප‍්‍රදේශවල ඇවිදීම, නකල්ස් කඳු පන්තියේ ගමනක යෙදීම, ශ‍්‍රීපාද වන්දනාවේ යාම වගේම හෝටන්තැන්නේ කඳවුරු බැදීම වගේ ක්‍රියාකාරකම්වල නිරත වීමේ අවස්ථාව තිබෙනවා.
Cinnamon Citadel Kandy හෝටලය මෙරට සංස්කෘතික වශයෙන් පොහොසත් කලාපයක් තුළ ආගන්තුකයින්ට විශාල අස්වැසිල්ලක් උදාකර දෙන ස්ථානයක්. නගර මධ්‍යයේ සිට විනාඩි 15-20 අතර කාලයකින් ළඟාවිය හැකි නිසාම හෝටලයේ සිට පේරාදෙණිය උද්භිද උද්‍යානය, දළදා මාලිගය හා උඩවත්ත කැලේ අභය භූමිය ආදී ස්ථාන වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීමටත් පුළුවන්.