2017 මාර්තු 18 වන සෙනසුරාදා

මුහුදේ සර්ෆින් වගේද ගිනිකන්දේ සර්ෆින්!

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

සර්ෆින් කියන්නේ මුහුදාශ්‍රිතව කෙරෙන ක්‍රියාකාරකම් විදිහටයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි සර්ෆින් කරන්න මුහුදු රැල්ලම අවශ්‍ය නැහැ කියලා හිතන පිරිසකුත් ඉන්නවා. අන්න ඒ වගේ අය තමයි ගිනි කඳු සර්ෆින්වලට පාවිච්චි කරන්නෙ. 

ගිනි කන්දක බෑවුම් ප්‍රදේශයක් යොදාගෙන කෙරෙන මේ ත්‍රාසජනක ක්‍රීඩාව නිකරගුවා කියන රට තුළ ගොඩක් ජනප්‍රියයි. ගිනි කන්දක බෑවුම දිගේ උඩට නගින ක්‍රීඩකයෝ ඉන්පස්සේ තුනී ලී පුවරුවක් හෝ ලෝහ පුවරුවක් මත හිටගෙන හෝ ඉඳගෙන පහළට රූටාගෙන ඒම තමයි වොල්කැනෝ සර්ෆින් එහෙමත් නැත්නම් ගිනි කන්දේ සර්ෆින් ලෙස හැඳින්වෙන්නෙ. 

බැලූ බැල්මට පහසු දෙයක් විදිහට පෙනුණට මේ ක්‍රීඩාව මාරාන්තික වෙන්නත් ඉඩ තියෙනවා. මොකද ලී පුවරුව මත ඉඳන් ඇදී ගෙන එන්නේ ගිනි කඳුවලින් පිටවුණු අළු අතරිනුයි. තියුණු දාර සහිත මේක ගල්වලට කැපුණොත් විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් වෙලාවට ගිනි කඳුවලින් පිටවන විෂ වායු නිසාත් අහිතකර ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ. මේ ක්‍රියාකාරකම් සිදුවන්නේ සක්‍රීය ගිනි කන්දක් අවට වුණොත් තත්ත්වය තවත් භයානකයි. 

මේ කොයි අවදානම තිබුණත් මේකෙන් ලැබෙන සතුට නිසා ගිනිකන්දේ සර්ෆින් තරුණ තරුණියන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්වෙලා.