2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

Diego’s peri peri රස පෙරෙන කෑම වට්ටෝරු

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 80

Diego’s peri peri කියන්නෙ නාවල පාරෙ පිහිටලා තිබෙන peri peri රසයට මුල්තැනක් දීපු අවන්හලක්. ඒ වගේමයි ඉක්මන් පිළිගැන්වීමත් මේ ස්ථානයේ විශේෂත්වයක්. එයින් ආහාර රැගෙන යන්න වගේම නිවසටම ගෙනැවිත් දීමේ පහසුකම්ද සපයනවා.

Diego’s peri peri වල මෙනුව දිහාට හැරුණොත් බීම වර්ග නම් සීමිත පරාසයක තමයි දකින්න තියෙන්නෙ. කොහොම වුණත් අපි රස බලපු Mixed Berry splash සහ Tropical passion නම් ඒ උණුසුම් දිනයට හොඳට ගැලපුණා.

ප්‍රධාන ආහාර වශයෙන් අපි මුලින්ම රස බැලුවෙ Grilled chicken with garlic and herb infused potatoes සහ citrus garden salad. එය නම් Peri peri sauce එකත් එක්ක අපූරු සුසංයෝගයක්. නැවුම් අමුද්‍රව්‍ය වලින් හදපු peri peri chicken burger එකත් එක්ක රස 3කින් sauce වර්ගත් ඔවුන් පිළිගන්වනවා. අපි තවත් රස බලන්න තෝරගත්තු ආහාර අතරට එක්වුණේ signature garlic bread සහ peri peri grilled wings. සැබැවින්ම රසවත්. මේ ආහාර වලින් එකක් නෙවෙයි ඔක්කොම වුණත් බය නැතුව නිර්දේශ කරන්න පුළුවන්.

ඔවුන්ගේ සේවාව නම් විශිෂ්ටයි. ඒ වගේමයි වාහන නැවැත්වීමේ පහසුකම්ද ඔවුන් සපයනවා. Diego’s peri peri අනාගතයේදී තව පුළුල් වෙන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් ඔබත් අදම Diego’s peri peri වෙත ගිහින් peri peri රසයෙන් අපූරු ආහාර වේලක් රස බලන්න කියලයි අපේ නිර්දේශය.

Life web ඇසුරින්