2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

One Galle Face Mall එකේ “තේ මාවතේ” අපූරු වෙනස

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

Tea Avenue තම 4 වැනි අවන්හල One Galle Face Mall හි විවෘත කළා. අවිවාදයෙන්ම ඒ නම් අපූරු තැනකි. වර්ණවත්, ස්වභාවික ආලෝකයෙන් ප්‍රබෝධමත් වූ මේ අපූරු අවකාශයේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි විවිධාකාරයෙන්  ආසන වෙන්කර තැබීම විශේෂයි.

(තේ මාවත) වෙළෙඳ නාමයටම ගැලපෙන පරිදි තේ මත පදනම්ව වූ බීම වර්ග රාශියක් මෙන්ම තවත් දෑ ඔබට මෙහිදී අත්විඳින්න පුළුවනි. කෝපි වර්ගත් විශේෂයි. Strawberry iced tea එකේ ඉඳන් black tea වෙනකම් විශාල පරාසයකට තේ වර්ග විහිද යනවා. Popcorn lavish කියන්නෙත් Tea Avenue හි ජනප්‍රිය බීම වර්ගයක්. ඔබ කැමැතිම popcorn රසය බීමකින් ලැබෙනකොට කොයි තරම් අපූරැද? ඔවුන්ටම සුවිශේෂී වූ standard 36 milk tea එකත් ඔබ රසවිඳින්නම ඕන.

ආහාර වර්ග අතරින් නම් තෝරාගත්තෙ grill කරපු එළවළු සමඟ පිළිගන්වන portuguese grilled chicken  සහ දේශීය Sriracha Fish burger. විශේෂයෙන්ම crispy රසයට හැපෙන මාළු සහ රසවත් අර්තාපල් සමඟ burger එක නම් අපූරුයි. අතුරුපස ලෙස රස බලපු Double Chocolate chessecake නම් තව වරක් රස බලනතුරු ඉවසිල්ලක් නැතිවෙයි. ඒ තරම් රසවත්.

නත්තල වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩ කටයුතුත් සිදුවෙනවා. රුපියල් 2000ට වැඩි ගනුදෙනු සිදු කරන පාරිභෝගිකයන් හට tea bag එකක් වගේම හුරැපුරැදු පාරිභෝගිකයන් හට වට්ටම් ලබාදෙන්නත් මේ නත්තල් සමයේ ඔවුන් සූදානමිනි. 

Galle Face mall එකේ L01 shophouse 70 හොයාගන්න ටිකක් අමාරැ වුණත් ඔබ යා යුතුම තැනක් තමයි Tea Avenue.

Life web ඇසුරෙනි