Mother Sri Lanka කියන්නෙ 2008දී ආරම්භ කළ ලාංකිකයන් වෙනුවෙන් කැපවුණු ලාභ නොලබන සංවිධානයක්. ඔවුන්ගේ ප්‍රධාන වෙළෙඳ සලක් ඇතුල්කෝට්ටේ විවෘත කෙරුණා. ඒ දේශීය ව්‍යවසායකයන් තව තවත් දිරිමත් කරමින්.
Mother Sir Lanka වෙළෙඳසල්හී අඩංගු වන්නෙ 100%ක්ම දේශීය නිෂ්පාදන. විශේෂයෙන්ම ගෘහාශ්‍රිතව කුඩා ව්‍යවසායකයන් විසින් නිර්මාණය කරන ලද ඒවා වනඅතර ඔවුන් කාන්තා ව්‍යවසායකයන් හට වැඩි ඉඩක් ලබාදී තිබෙනවා. සැබැවින්ම ඔවුන්ගේ අරමුණ තාවකාලික උපකාරයකින් ජනතාව සතුටු කිරීම නොවේ. ඔවුන්ගෙ ආර්ථිකය දීර්ඝකාලීනව ශක්තිමත් කරමින් ධනාත්මක උත්සහවන්ත මිනිසුන් නිර්මාණය කිරීම.
මෙහිදී Sri Lankan motifs, recipes, art culture, eating, dressing, decorations, habit ආදී ඔබේ ජීවන රටාවට ගැලපෙන ඕනෑම දෙයක් අපේ අනන්‍යතාවයෙන් යුතුව ආඩම්බරයෙන් මිලදී ගන්න පුළුවන්. වැඩි විස්තර www.mothersrilanka.lk වෙතින් ලබාගන්න පුළුවන්. ඒ වගේම අරමුදල් අංශයෙන් දායකවෙන්නත් පුළුවන්. සමාජ සේවකයින්, විශ්‍රාම ලත් රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් මේ සඳහා ස්වකීය කළමනාකරණ, මූල්‍යමය දායකත්වය ලබාදෙනවා.
සැබෑ ලාංකිකයන් ලෙස මේ උත්සව සමයේ ඔබත් ඔබේම සොයුරු සොයුරියන්ට අතදෙමින් මෙකී නිෂ්පාදන ඔබේ ජීවන රටාවට එක්කරගැනීම වැදගත්. එය රටේ සමස්ත ඉදිරිගමන ශක්තිමත් කරනු නොඅනුමානයි.
විදේශීය නිෂ්පාදන හිස මත තබාගෙන අපේ රට පිළිබඳ උදම්ඇනීමට වඩා දේශීය ව්‍යවසාය ශක්තිමත් කරමින් ඔබේ යුතුකම රට වෙනුවෙන් ඉටුකරන්න.
I ධනූ
Life Web