2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ලන්දේසි රෝහලේ උඩ තට්ටුවේ Cannon bar and grill

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

Cannon bar and grill දැන් අලුත්ම පෙනුමකින් ලන්දේසි රෝහලේ ඉහළ මහලේ. කළමනාකාරීත්වයේ වෙනසකින් අනතුරුව ඔවුන් තවත් අලුත් වෙලා. සියුම් සංගීතයක් ඇසෙන Cannon bar and grill හී කුටියක ලී අසුනක හිදගෙන බර්ගර් එකක් හෝ කොක්ටේල් එකක් රසවිඳිමින් සිටින්නට හැකිනම් එය කල්පිතයක් තරම් රසවත් බව ඔබට හැඟේවි.

කොක්ටේල්, මොක්ටේල්, මිල්ක්ෂේක් ආදී බීම වර්ග රැසක් ඔවුන් සතුයි. අපිට පිළිගැන්වූ general’s daughter සහ the brigadier’s call කොක්ටේල් වර්ග 2ත් හරිම රසවත්. හැබැයි ඔවුන්ගෙ ආහාර ඊටත් වඩා රසවත් බව කියන්නම ඕන.

Chicken satay, vegetable samosas, chicken wings, chicken cordon bleu, rice and butter chicken curry සහ beef burger තමයි අපේ ආහාර ගොන්නය ඇතුළත් වුණේ. කටට කෙළ උනන beef burger එක ඇතුළු සියලුම ආහාර අතිවිශිෂ්ටයි. කොහොම නමුත් මගේ ප්‍රියතම ආහාරය වුණේ rice ant butter chicken curry. බත් සමග creamy curry එක අපූරු සුසංයොගයක්.

අවසානයේ කියන්න ඕන Cannon bar and grill හී හැමදෙයක්ම විශිෂ්ටයි. මේ අත්දැකීම විඳ නොගත්තොත් අපරාධයක් වේවි.

 life web ඇසුරින්

 

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00