2020 ජනවාරි 11 වන සෙනසුරාදා

YouTube, Facebook සහ WhatsApp සඳහා මොබිටෙල් නව ඩේටා සැලසුම්

2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30760

සීඝ‍්‍රයෙන් ඉහළ යන වීඩියෝ නැරඹීමේ ප‍්‍රවණතාව සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකාවේ උසස්ම සන්නිවේදන ජාල පහසුකම් සපයන්නා වන මොබිටෙල් ආයතනය විසින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයන් සඳහා මසකට රුපියල් 249ක් තරම් අඩු මුදලකට අසීමාන්තිකව YouTube වීඩියෝස් නැරඹීමේ ඩේටා සැලසුම හඳුන්වා දෙයි.

ACT හිස්තැනක් YT ලෙස සටහන්කර 160ට කෙටි පණිවිඩයක් යැවීම මඟින් මෙම නව පැකේජය සක‍්‍රීය කරගැනීම හරහා පාරිභෝගිකයන්ට ඉතාම පහසුවෙන් YouTube වෙත පිවිස තමන් ප‍්‍රිය කරන චිත‍්‍රපට, රෑපවාහිනී වැඩසටහන්, වාර්තා වැඩසටහන් නැරඹීමට සහ සංගීතය රසවිඳීමේ හැකියාව ලැබේ. එසේම සියලු මොබිටෙල් පාරිභෝගිකයන් සඳහා මසකට රුපියල් 99ක් වැනි මුදලකට Facebook, LinkedIn, Twitter සහ Instagram ආදී සමාජ ජාල වෙබ් අඩවි අසීමාන්තිකව භාවිත කිරීමේ අවස්ථාව ද උදාකර දීමට මොබිටෙල් කටයුතු කරයි. ACT හිස්තැනක් SN ලෙස සටහන් කර 160ට කෙටි පණිවිඩයක් යැවීම මඟින් පාරිභෝගිකයන්ට ඉතාම පහසුවෙන් මෙම සමාජ ජාල පැකේජය සක‍්‍රීය කරගත හැක. මීට අමතරව සැමවිටම Messaging ඇප් සමඟ සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන් වෙනුවෙන් මාසිකව රැපියල් 49ක් වැනි ඉතාම අඩු මුදලකට WhatsApp, Viber සහ IMO ආදී Messaging ඇප්  අසීමාන්තිකව භාවිතා කිරීමේ පහසුව ද සලසා දී තිබේ. එම සේවාව සක‍්‍රීය කිරීමට ACT හිස්තැනක් 49 ලෙස සටහන් කර 160ට කෙටි පණිවිඩයක් යැවීම ප‍්‍රමාණවත් වේ.

බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීමේ ශ‍්‍රී ලාංකික ප‍්‍රමුඛයා ලෙස මොබිටෙල් ආයතනය දිවයින පුරා විසිරී සිටින සියලු පාරිභෝගික ජනතාවට අසමසම සුපිරි සේවාවක් ලබා දීම උදෙසා කැපවෙයි. මෙම කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ්, ජංගම සන්නිවේදන ජාල සහ අන්තර්ජාල ප‍්‍රගති පරීක්ෂණ සේවා සැපයීමේ ගෝලීය ප‍්‍රමුඛයා වන Ookla විසින් සිය වේග පරීක්ෂණ දත්තවලට අනුව ශ‍්‍රී ලංකාවේ අංක එකේ සන්නිවේදකයා බවට මොබිටෙල් වෙත සහතික ලබාදී ඇත.

ඉහළ තීව‍්‍රතාවයේ HD Video ද නැරඹීමට සහ Multimedia Online Gaming (MMOG)  අත්දැකීම්වල විනෝදාස්වාදය සමඟ භාවිතාවේ සුපිරි බව ඉහළ නැංවීමට අවශ්‍ය 4G LTE තාක්ෂණ පහසුකම් වැඩිදියුණු කිරීමට මොබිටෙල් දිගින් දිගටම කැපවෙමින් ක‍්‍රියාකරයි. දැනට පවතින 900MHz spectrum ආවරණ ක‍්‍රමවේදයට නව්‍ය තාක්ෂණික භාවිතාවක් එකතු කරමින් සිය 4G LTE ජාල ආවරණ කලාපය පුළුල් කිරීමට මොබිටෙල් මෑතකදී කටයුතු කළේය. මෙම මූලිකත්ව වැඩසටහන එවැනි ආකාරයේ නව්‍ය භාවිතාවක් සමඟින් 4G LTE ජාල ආවරණ කලාපය පුළුල් කළ පළමු අවස්ථාව වූ අතර එහිදී 4G LTE ජාල ආවරණ වඩාත් හොඳින් ව්‍යාප්ත විය. එසේම මෙම LTE MIMO තාක්ෂණ හඳුන්වාදීම සමඟ ශ‍්‍රී ලංකාවේ අංක එකේ සන්නිවේදන ජාලය බවට මොබිටෙල් නිසඟයෙන්ම පත්විය.

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00