Baker’s choice cafe කාලයක් තිස්සේ විවිධ දේශීය Cafe, විදේශිකයන් සහ තානාපති කාර්යාලය වෙත බේකරි ආහාර සපයනවා. වර්ණක, රසකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවුණු දේශීය අමුද්‍රව්‍ය මුල් කරගත් මේ ආහාර ඉතා උසස් තත්ත්වයකයි පවතින්නෙ. ඒ වගේම ඔවුන්ගේ මේ බේකරි ආහාර පරාසයත් විශාලයි.
ඔවුන්ගේ අලුත්ම මෙනුව අපිටත් රසවිඳින්න හැකි වුණා. ආහාර රැචිය වෙනුවෙන් මුලින්ම පිළිගැන්වුවේ Tomato Basil Bruschetta සහ Roasted chicken wings with naimiris sauce. ඒවා නම් සැබැවින්ම ඔබේ ආහාර රුචිය වැඩි කරාවි. ඔබට නිවෙසේ වගේ හැඟීමක් ඇති කරන Chicken and corn chowder soup සහ රස්තියාදුකාර රසයකින් යුතු Country style roasted Soup නම් හරිම අපූරුයි. ප්‍රධාන ආහාරවේල විදිහට අපි රස බැලුවේ Rustic beef stew with stout breads, Mini plant burger සහ Chicken pot pie. උණු උණුවෙන් පිළිගන්වන මේ ආහාර සැබැවින්ම රසයෙනුත් ගුණයෙනුත් ඉහළයි. අතුරුපස ලෙස අපි රස බැලුවේ Apple Cruble with vanilla custard, Chocolate bread, Butter pudding with espresso ice cream. සාමාන්‍යයෙන් ඇපල් රසයට අකැමැති අයත් මේ අතුරුපසට නම් ඇදී යාවි. හැම අතුරැපසක්ම වාගේ සුවිශේෂී වගේම රසවත්.
Baker’s choice cafe කියන්නේ බේකරි ආහාර වගේම ඒ හා එක්වුණු තවත් බොහෝ රසවත් ආහාරවලට නවාතැනක්. ඔබත් Baker’s choice වෙත ගොඩවදින්න අමතක කරන්න එපා.
life.lk ඇසුරින්