වනජීවී දෙපාර්තමේන්තුවේ උඩවලවේ ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍යවරයෙක් වන මාලක අබේවර්ධන තවත් වෛද්‍යවරයෙක් වන මනෝජ් අකලංක ද සමඟ උඩවලවේ වනෝද්‍යානයේ දුරස්ත චලන කැමරා සවිකර කොටින්ගේ හැසිරීම් රටා රහසිගතව අධ්‍යයනය කරමින් සිටියහ. සත්ත්ව විද්‍යා පර්ෙය්ෂණ සඳහා දුරස්ත කැමරා භාවිත කරන්නේ එවිට මිනිසාගේ මැදිහත්වීමකින් තොරව වන සතුන්ට ආවේණික චර්යාවන් රහසිගතව අධ්‍යයනය කළ හැකි බැවිනි. පසුව පර්ෙය්ෂකයෝ එලෙස රහසිගතව සවිකළ කැමරාවල දත්ත ලබාගෙන විශ්ලේෂණය කරති. උඩවලවේ කොටි පර්ෙය්ෂණය අතරතුර මේ වෛද්‍යවරුන්ගේ මනසේ තිබූ තවත් බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමටද ඔවුහු උත්සාහ කළහ.
ඒ රටේ කලක් තිස්සේ කියැවෙන එහෙත් කිසිදු පර්ෙය්ෂකයකු සජීවීව දැක නැති කළු කොටි පිළිබඳ අධ්‍යයනය කිරීමටයි. ඒ සඳහා ට්‍රොපිකල් එකෝසිස්ටම් රිසර්ච් ආයතනයෙන් ලබාදුන් කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ මධ්‍යම කඳුකරයේ සමනළ කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ඔවුහු සවි කළහ. එහි 2019 ඔක්තෝබර් 29දා දැක්වෙන රූපරාමුවල සටහන් වී තිබුණේ කළු කොටියකු ඇවිද යන අන්දමයි.
මෙරටදී ජීවත්ව සිටි කළු කොටියකු කැමරාවක සටහන් වූ ප්‍රථම අවස්ථාව එයයි. ඒ පිළිබඳව මේ වනවිට රට පුරාම කතාබහක් ඇතිවී තිබේ. බොහෝ අද්භූත කතාපුවත්වලට මුල්වූ, බ්‍රිතාන්‍ය ජාතිකයන් කිහිපවරක්ම සටහන් කර ඇති කළු කොටියකු සජීවීව රූපරාමු මගින් දැකගැනීමට ලැබීම ගැන වන සත්වලෝලීහු බොහෝ සතුටට පත්වූහ. ආර්.එල්. ස්පිට්ල් ලියූ සුදු ගෝනා පොතේ හෑන්ස්ගේ තනිය මකන වනගත යහළුවෙක් වූයේ විශාල කළු කොටියෙකි. තවත් බ්‍රිතාන්‍ය ජාතික සොබාදහම් ලෝලීන් කළු කොටි ගැන සඳහන් කර තිබේ. 1950 දී මොණරාගලට නුදුරු බුත්තලදී ඔස්ට්‍රේලියානු දඩයක්කාරයෙක් කළු කොටියකු වෙඩි තබා මරා උගේ සම ඔස්ට්‍රේලියාවට ගෙන ගිය බව සඳහන්ය.
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයෙන් සහ සිංහරාජ ආශ්‍රිත කඳුකර ප්‍රදේශවල මේ කොටියා ජීවත්වන බවට තොරතුරු ලැබී තිබේ. වනජීවී පර්ෙය්ෂකයන් පවසන්නේ එවැනි ස්ථාන 8ක් පිළිබඳව වාර්තා වන බවය. මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ පශු වෛද්‍ය මාලක අබේවර්ධන,
“අපි අවුරුදු දෙකක පමණ සිට කළු කොටි ගැන අධ්‍යයනය කළා. පසුගිය ඔක්තෝබර් මාසයේ තමයි ඒ කොටියෙක් අපේ කැමරාවකට හසුවුණේ. තවත් පරිසරවේදීන් කිහිප දෙනෙක්ම මේ කොටි ගැන පර්ෙය්ෂණ කළා. නමුත් සජීවී කොටියෙක් රටට හෙළිකිරීමට හැකි වුණේ වනජීවී දෙපාර්තමේන්තුවටයි. දැනට වනජීවී දෙපාර්තමේන්තු මට්ටමිනුත් මේ සත්ත්වයා රැකගැනීමට ලොකු උනන්දුවක් ඇතිවී තිබෙනවා. උන් බොහෝවිට එළියට එන්නේ රාත්‍රියටයි. ගම්මානවලින් බල්ලො වගේ සතුන් අතුරුදන්වීම් ගැන වාර්තා වුණා. ගමේ මිනිස්සු ඌ විටින්විට දැක තිබෙනවා. නමුත් අපි මේ සතා ඉන්න ප්‍රදේශය නිශ්චිතව පවසා නෑ, උගේ නිජබිම ආරක්ෂා කිරීමට. අපට හමුවුණු කළු කොටියා අවුරුදු පහකට වඩා වයස පිරිමි සතෙක්. ඒ අවට තවත් සාමාන්‍ය කොටි කිහිප දෙනකුත් ජීවත්වන බවට තොරතුරු ලැබුණා.”
දැනට වාර්තා වී ඇති පරිදි අප රටේ ජීවත්වන අපට ආවේණික උප විශේෂයක් වන Panthera Pardus Kotiyaගේම වර්ණ වෙනස්වීමක් නිසා මේ කොටි බිහිවී තිබේ. එලෙස වර්ණ වෙනස් වූ කොටින්ට ‘බ්ලැක් පැන්තර්’ යන ජනප්‍රිය නාමය ලබා දී තිබේ. නමුත් වඩාත් නිවැරදි නාමය Black Leopard බව වෛද්‍ය මාලක පවසයි.
“ශරීරයේ නිපදවෙන ASIP කියන ප්‍රෝටීනයේ අඩුවක් නිසා තමයි, කොටි කළු පාටට බිහිවන්නේ. සාමාන්‍ය කොටින්ගේ මේ ප්‍රෝටීනය තිබෙනවා. මේ ප්‍රෝටීනය අඩුවීම මෙලනින් වර්ණකය තැනීමට බලපානවා. අපේ රටේ කළු කොටි ඉතා දුර්ලභයි. නමුත් මැලේසියාවේ සමහර ප්‍රදේශවල ඉන්න කොටින්ගෙන් 100%ක්ම කළු පාට කොටියි. බුරුමයෙන් කළු කොටි විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඉන්දියාවෙත් උන් ඉන්නවා.” වෛද්‍ය මාලක වැඩිදුරටත් පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටියා වඳවීමේ තර්ජනයකට ලක්වූ සතකු වශයෙන් ලෝක ස්වභාව ආරක්ෂණ සංගමය නම්කර තිබේ. කළු කොටියා ද අයත් වන්නේ එම විශේෂයේම සත්ව කොට්ඨාසයටය. දැන් අපේ කොටියා සිටින්නේ වඳවීමේ දැඩි තර්ජනයට ලක්වූ සතකු වශයෙනි. පශු වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජීවත්වන කොටි පිළිබඳව සමීක්ෂණයක් කර නැතත් උන් සංඛ්‍යාව 800ක් පමණ විය හැකි බවයි.
කඳුකරයේ කොටි උගුල්වලට හසුවීම පසුගිය කාලයේ කිහිපවරක්ම වාර්තා විය. උඩවලවේ වනෝද්‍යානයේ කොටියෙක් මරා දැමීම වාර්තා වූයේ සති තුනකට පමණ පෙරය. ඉතා දුර්ලභ සතෙක් වන කළු කොටියාද මදු තබා ඇල්ලීම ගැන පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණි. පරිසරවේදී නයනක රන්වැල්ල කළු කොටියා පිළිබඳ අධ්‍යයනය කරන පර්ෙය්ෂකයෙකි. ඔහු ඒ ගැන අපට පැවසුවේ මෙලෙසයි. “පසුගිය අවුරුදු 12ක වගේ කාලය ඇතුළත දෙනියාය අවට සිංහරාජය ආශ්‍රිත කලාපයේ මදුවලට හසුවී මියගිය කළු කොටි තුන්දෙනෙක් හමුවුණා. ඊට අමතරව රහසිගතව උන් මරා දැමූ තවත් අවස්ථා දෙකක් ගැනත් අපට වාර්තා වුණා. වියළි කලාපයේ වගේම තෙත් කලාපයේත් ප්‍රදේශ අටක මේ දුර්ලභ ක්ෂීරපායි ජීවත්වන බවට වාර්තා වී තිබෙනවා. දෙනියාය ප්‍රදේශයේ මේ කොටියා මරා දැමීමට හේතුව මිත්‍යා විශ්වාස නිසා උගේ ශරීර කොටස් ලබාගැනීමට බව පෙනුණා.
අපි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කලක පටන් කියනවා මේ සතුන් ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. නමුත් තවමත් ඒ ගැන ක්‍රියාත්මක වීමක් නෑ. මදු තියලා කළු කොටි මරපු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවරක්වත් අරන් නෑ. වනජීවී නිලධාරීන් හිඟයක් තිබෙනවා. මේ නිසා සතා හමුවූ ප්‍රදේශයේ ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් ස්ථානගත කර විධිමත් ආරක්ෂාවක් සැපයීම අවශ්‍යයි.”
වර්ෂ 2009 අංක 22 දරන පනතින් සංශෝධිත වන සත්ව හා තුරුලතා ආඥා පනතට අනුව කොටියකු මරණයට පත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, ඝාතනය කළ සතාගේ ශරීර කොටස් ළඟ තබාගැනීම, දඬුවම් ලැබිය හැකි වරදකි. එලෙස වරදකරැවකු වන අයට රුපියල් 30,000 සිට 100,000ක් දක්වා දඩයක් හෝ වසර 2කට නොඅඩු වසර 6කට නොවැඩි සිරදඬුවමක් ලබාදීමටත් පුළුවන. එහෙත් කොටියාගේ ජීවිතය පවතින්නේ අනතුරේය. කළු කොටියාගේ ජීවිතය ඊටත් වඩා අවදානමකය. ඒ උන් ශ්‍රී ලංකාවේම සිටින්නේ කිහිප දෙනකු පමණක් නිසාය. වහාම මේ දුලබ සත්වයා ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම බලධාරීන්ගේ යුතුකමකි.
► කුසුම්සිරි විජයවර්ධන