සීගිරිය හා පිදුරංගල අතර අක්කර 10ක පමණ මනරම් භූමි භාගයක පිහිටා තිබෙන Sigiriya Jungles කියන්නේ ප්‍රදේශයට එකතු වුණු අලුත්ම සංචාරක අත්දැකීමයි. මේ හෝටලයේ තවත් විශේෂත්වයක් තමයි හාලි ඇළ ප්‍රදේශයේ පිහිටා තිබෙන සුප්‍රකට බෝගොඩ ලී පාලමට සෑම අතින්ම සමාන වූ අනුරුවක් හෝටලයේ නිර්මාණය කරතිබීම.
Journey Scapes සමාගම යටතේ ක්‍රියාත්මක වන මේ හෝටලය නිර්මාණය කර තිබෙන්නේ ප්‍රවීණ වාස්තු විද්‍යාඥ විනෝද් ජයසිංහ විසිනුයි. ශ්‍රී ලාංකික සංස්කෘතියේ වර්ණ, දර්ශන හා ශබ්ද යන සියල්ල කැටිකරගෙන මෙම හෝටලය නිර්මාණය කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා. හෝටලයේ ක්‍රියාකාරකම් හරහාත් ශ්‍රී ලාංකික සංස්කෘතිය ඉස්මතු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සාම්ප්‍රදායික බෙර ශිල්පීන්ගේ ඉසව්, දේශීය සංගීත ඉසව් වගේම රාත්‍රී ආහාරවේලාවේදී සුමිහිරි බටනලා වාදනයකුත් එක්කිරීම ආදියෙනුයි. නිදන මැදිරි සැරසීමට භාවිත කර ඇත්තේත් දේශීයත්වය මතු කරවන සැරසිලියි.
හෝටලයට සොඳුරු බව වෙලාගත් කාමර 60ක් අන්තර්ගතයි. මේ කාමරවලට යොදාගෙන තිබෙන පැහැය, හැඩගැස්ම ආදී සියල්ලකින්ම පිළිබිඹු වෙන්නේ ප්‍රදේශයට ආවේණික සාමකාමී නිස්කලංකත්වයයි. දේශීයත්වය වැඩි සමීපත්වයක් දැක්වූවත් කාමර සියල්ලක්ම ඉහළ සුඛෝපභෝගීත්වයකින් නිමවා තිබීමත් විශේෂත්වයක්. Sigiriya Jungles හෝටලයේ ආහාරපාන දෙස අවධානය යොමු කිරීමේදී වැඩි තැනක් හිමිව ඇත්තේ දේශීය කෑම බීම වෙතයි. ඊට අමතරව එහි පැමිණෙන්නන්ගේ මනාපය පරිදි ජාත්‍යන්තර කෑම වට්ටෝරැ පවා පිළියෙල කරදීමට එහි සූපවේදී කාර්ය මණ්ඩලය සූදානමින් සිටිනවා. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ අවට වාසය කරන ජනතාව සමඟ බද්ධ වී හෝටලයේ කටයුතු පවත්වාගෙන යෑමයි. අවට තරැණ තරැණියන්ට රුකියා අවස්ථා සැපයීමට මෙන්ම අසල්වැසි ගොවි ජනතාවගේ නිෂ්පාදන ආදිය මිලදී ගැනීමත් නිසා හෝටලය එහි ජනතාවගේ ජීවිතය හා බද්ධ වී තිබෙනවා.
සනත් වීරසූරිය
සේයා රූ - නීල් සිරිවීර