2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

සුපිරි ඉන්දියානු කෑමවේලක් රසවිඳින්න Moti mahal

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

Moti mahal, ඔව් ඒ ලෝකය පුරා ව්‍යාප්ත වුණු ඉන්දියානු අවන්හලක්. 1920 එනම් නොබෙදුණු ඉන්දියා පැවති කාලේ ඇරඹුණු මේ අවන්හල් ජාලයේ අත්දැකීමක් දැන් කොළඹ නගරයටත් එකතු වෙලා.

ඉන්දියානු ආහාර විතරක් නෙවෙයි චීන ආහාරත් Moti mahalවලින් රසවිඳින්න පුළුවන්. Mainland china Town Flower Road එකේ පිහිටලා තියන නිසා චීන අවන්හලක් කියලා වරද්දගන්න නම් එපා.

කොහොම නමුත් මම තෝරගත්තෙ ඉන්දියානු කෑම වර්ග කිහිපයක්. Tillwala chicken, Tandoori prawns, Kadhai paneer, butter chicken තමයි ඒ. ඉන්දියානු කෑම වේලක් දැනෙන්න රසවිඳින්න නම් බිරියානි නැතුවම බැරි නිසා Hyderabadi biriyaniත් රසබලන්න තීරණය කරා. පුදුම රසයක්. සැකයක් නැතුව විශිෂ්ඨතම ඉන්දියානු ආහාර. 

විශේෂයෙන්ම butter chicken නම් අපූරුයි.  ඔවුන්ගේ ආරාධනය නිසා චීන ආහාර මෙනුවෙන් Basil Chicken Dumping රස බලන්න පුළුවන් වුණා. සැබැවින්ම රසවත්. කොහොම නමුත් ඔවුන්ගෙ චීන ආහාර මෙනුව රසවිඳින්න නැවත වරක් යන බලාපොරොත්තුවෙන් තමයි අවන්හලෙන් පිට වුණේ. 

අපූරු වටපිටාව, විශිෂ්ට ආහාර වගේම මිත්‍රශීලී කාර්යමණ්ඩලය නිසාවෙන්ම ඔබත් Moti mahal වෙත ගොඩවැදුණේ නැත්නම් අඩුපාඩුවක් වේවි.

 සටහන සේයා රූ : life.lk  ඇසුරින්.

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00