2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

නමත් අලුත් පෙනුමත් අපූරු කන්දඋඩරට අහස් ගව්ව Sky pavilion Clouds for company

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

Sky pavilion හෙවත් Clouds for company මහනුවර ප්‍රදේශයේ අපූරු සංචාරක නවාතැනක්. මහවැලි ගඟේ සිට නකල්ස් කඳුවැටිය දක්වා 180° ක විශ්මිත දර්ශනයක් සපයන නිසාවෙන්මයි හෝටලයට මේ නම ලැබිලා තියෙන්නේ. අහස උසට නිමැවුණු අපූරු ගෘහනිර්මාණයක් වන මෙහි ගොඩනැගිල්ල සැබැවින්ම සිත්ගන්න තැනක්.

මෙහි සුඛෝපභෝගී සහ විවිධත්වයෙන් යුතු කාමර 4ක් අන්තර්ගතයි. ප්‍රමාණය, පාරිභෝගික අවශ්‍යතාව ආදී ලෙස වෙනස් වුණු මේ කාමර සියල්ලේ sky pavilionහි විශේෂත්වය වන අංශක 180° සුන්දර දසුන නරඹන්න පුළුවන්. මෙම කාමරවල විවිධත්වය සහ අරමුණ අර්ථකථනය වන ලෙසත් Sky pavilion සඳහා යෝග්‍ය වන නිසාත් තාරකා පන්ති හා ග්‍රීක මිත්‍යා කතා අනුසාරයෙන් කාමර සඳහා නම් තබා තිබෙනවා. Andromeda, Cygnus, Aquila, Ankaa තමයි.

මේ කතන්දර දැනගැනීමත් ඔබට රසවත් වේවි. කොහොම නමුත් කාමර සියල්ලකම උණු ජලය, rain shower, hair dryer, mini  fridge, lockers, tea/ coffee makers, WiFi, piped music ආදී පහසුකම් රැසකින් අංගසම්පූර්ණයි.

දේශීය වගේම බටහිර ආහාරත් ඔබට රසවිඳින්න ඔවුන් පිළිගන්වන්න සූදානම්. විශේෂයෙන්ම ප්‍රදේශයේ නැවුම් එළවළු ඇතුළු අමුද්‍රව්‍ය භාවිත කිරීම නිසා විශ්වාසවන්තයි. රසයෙනුත් ඉහළයි. ඔවුන් සංචාරකයන්ව බඩු මිලදී  ගැනීමටත් උනන්දු කරවනවා. ත්‍රීරෝද රථයක් ද සූදානමින්. 

එමෙන්ම ප්‍රදේශයේ සංචාරයන් සංවිධානය කර දෙන්නත් ඔවුන් සූදානම්. ඉතින් ඔබටත් පුළුවන් උඩරට අහසේ අහස් මණ්ඩපයකට වෙලා නිස්කලංක නිවාඩුවක් ගතකරන්න Sky pavilion, Kandy වෙත එන්න.

 සනත් වීරසුරිය 
   සේයා රූ : ශාන් බන්දු වීරසිංහ

 

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00