2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

සිනමා නිර්මාණයක් පිළිබඳ ගැටලු

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ කුම්භ රාශියෙහි ගමන් කරමින් සිටියදී 2020 පෙබරවාරි මස 17 වැනි දින උදේ 6 පසුවී විනාඩි 25ට ආපසු ගමන් අරඹයි. ආපසු යන කුජ සමඟ 2020 මාර්තු මස 10 වැනි කුජ දින උදේ 9 පසුවී විනාඩි 20 දක්වාම බුධ ග්‍රහයා කුම්භ රාශියෙහි මෙලෙස ආපසු ගමන් කරනු ඇත.

මෙම තත්ත්වය පිළිබඳ අප රට ගැන අවධානය යොමු කිරීමේදී රටේ මහජනතාව බුද්ධියෙන් තොරව කටයුතු කිරීමට පෙළඹෙන වකවානුවක් වන බව පැවසිය යුතුය. යම් යම් ක්‍රියාවලට එරෙහිව මහජන විරෝධතා හා අප්‍රසාදය රජයට එල්ලවන අතර ඇතැම් කරැණු පිළිබඳව ප්‍රසිද්ධ චෝදනා ද එල්ලවන කාලයක් වේ. පතල් ආශ්‍රිත අනතුරැ සිදුවන අතර යම් යම් හේතු මත භූමියට සිදුවන හානිවීම් ද, භූමියේ සෙලවීමක් ද වන කාලයක් වේ. සාහිත්‍යවේදියකුට මෙන්ම පුවත්පත් මාධ්‍යවේදියකුට ද මාරක ඇතිවන කාලයක්  බව කිව යුතුය.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී ලෝක ආර්ථිකයේ පසුබෑමක් ඇතිවන කාලයක් වේ. චිත්‍රපටයක් සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්නයක් ඇතිවනු ඇත. අධ්‍යාපනික ආයතනවලට, පාසල්වලට අයහපත් සිදුවීම් ඇතිවන අතර දරැ දැරියන්ට ද විපත් සිදුවන කාලයක් වේ. විශේෂයෙන්ම විවිධ වුත් අයහපත් මාරක ඇතිවන ආකාරයේ වෛරස් රෝග ද, හඳුනා නොගත් රෝග ද ප්‍රචලිත වන කාලයක් වේ. යම් යම් රටවල පාලන කටයුතුවලට අයහපත් බලපෑම් ඇතිවන අතර රාජ්‍ය පාලන මන්ත්‍රීවරැන් හා දේශපාලන නායකයන් ඉල්ලා අස්වීම් ද සිදුවන වකවානුවක් වනවා ඇත.

මේෂ - ලැබීම්වලට බාධා

ඔබගේ හිතමිතුරන්ගෙන් ඔබට උදව් නොලැබී යන කාලයක් වේ. ලැබීම් මාර්ගවලට බාධාවීම් ද ඇතිවනු ඇත. විශාල වියදම් නොකළ යුතු අතර දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වූ බලපෑම් ඇතිවන කාලයකි

වෘෂභ - ස්ථාන මාරු

සේවා ස්ථානයෙන් ස්ථාන මාරුවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. විදේශ ගතවීමේ අපේක්ෂා ද ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. පදිංචි ස්ථානය පිළිබඳ ප්‍රශ්න ඇතිවිය හැකිය.

මිථුන - නිර්මාණවලට අවහිර

නිෂ්ඵල වූත් කෙටි ගමන් යෙදෙන කාලයක් වන අතර උසස් අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට බාධා ගෙන දෙනවා ඇත. නිර්මාණකරණයේ යෙදෙන අයට දිගටම එම කටයුතු කිරීමට නොහැකි වන කාලයකි.

කටක - අනවශ්‍ය වියදම්

නීතිමය ගැටලුවකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. යම්කිසි ආකාරයක ඇපවීමකට ලක්විය හැක. අනවශ්‍ය වියදම් ද ඇතිවන කාලයකි. තම කටයුතුවලට විවිධ බාධා උද්ගත වේ.

සිංහ - ධන හානි

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන්නා වූත් කාලයකි. විශාල අන්දමෙන් මුදල් යොදවා කටයුතු කිරීමේදී ඉතා පරිස්සම් විය යුතු අතර විශාල ධන හානියක් සිදුවිය හැකිය.

කන්‍යා - පවුල් ප්‍රශ්න

සේවා ස්ථානය ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. තමාගේ කටයුතුවලට විවිධ අයගෙන් බාධා ඇතිවන කාලයකි. පවුල් දිවියේ ද ප්‍රශ්න හා මතගැටුම් ඇතිවන සමයක් වේ.

තුලා - බාධා වැඩියි

ඔබ ළඟින් ඇසුරු කළ අයකු තමා සමඟ සිත් අමනාපකම් ඇතිකරගනු ලබන කාලයක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ද බාධා ඇතිවන අතර ඔබගේ කටයුතුවලට ද විවිධ වූ පාර්ශවවලින් අවහිරතා ඇතිවන කාලයකි.

වෘශ්චික - ලැබීම්වලට අවහිරතා

තමා පදිංචි ස්ථානය ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවන කාලයකි. පවුල් දිවියේ ද ගැටලු, මතභේද ද ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ද අයහපත් වන සමයකි. ලැබීම් මාර්ගවලට ද බාධාවීම් ඇතිවනු ඇත.

ධනු - මතභේද ඉහළට

නිර්මාණ කටයුතු, තාක්ෂණික කටයුතු ආශ්‍රිතව නිරත වී සිටින අයට අයහපත් වන කාලයක් වේ. සහෝදර සහෝදරියන් සමඟ මතභේද ඇතිවන බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයකි.

මකර - උණ රෝග

පවුල් දිවියේ සමගියට බාධා එල්ලවන කාලයක් වන අතර අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතුය. ආර්ථික අපහසුතා ඇතිවන කාලයක් ද වේ. උණ රෝග පීඩාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවනවා ඇත.

කුම්භ - බලාපොරොත්තු ඉටු නොවේ

ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවන අතර ශරීර ශක්තිය ද හීනවන සමයකි. පදිංචි ස්ථානය ආශ්‍රිතව ද ප්‍රශ්න ඇතිවන අතර ඔබ බලාපොරොත්තු වූ කටයුතු කිසිවක් ඉටුනොවන කාලයක් ද වේ.

මීන - විදේශ ගමනට අවහිරතා

විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තුවලට බාධා ඇතිවන කාලයකි. පවුල් දිවියේ ද ප්‍රශ්න ඇතිවනු ඇත. පවුලේ සහෝදර සහෝදරියන් සමඟ මතභේද නිර්මාණය වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00