ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ එම්. සෆීර් ලෝප්‍රකට ඈන් ෆ්‍රෑන්ක් දින පොත සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් වේදිකාවට ගෙන ඒමට නියමිතය. ලොව වැඩිම පිරිසක් කියවා ඇති දෙවැනි කෘතිය වන ඈන් ෆ්‍රෑන්ක් දින පොත මෙරට ප්‍රසිද්ධ වේදිකාවට ගෙන එනු ලබන්නේ ප්‍රථම වරටයි.
මෙහි රංගනයෙන් ඉමායා බෝගොඩ, ජයනාත් බණ්ඩාර, විශාකා ජයවීර, ප්‍රිමාල් කේ. පෙරේරා සහ චිත්‍රරිනා මේඩිස් රංගනයෙන් දායක වන අතර, චිත්‍ර හා වීඩියෝ නිර්මාණකරණය සාලිය ලියනාරච්චිගෙනි. සංගීතය එම්. ශාරෆ්ගෙන් වන අතර, වේදිකා කළමනාකරණය අසිරි දුලංජනගෙනි. රංගාලෝකය එම්. සෆීර් හා වසන්ත කුමාරගෙන් වන අතර, අංග රචනය තෙල්මා දීපිකාගෙනි. පිටපත ජයත් එස්. ගෝමස් හා එම්. සෆීර්ගෙන් වන අතර, ජර්මන් සංස්කෘතික ආයතනය හා ඉන්ටර් ඇක්ට් ආර්ට් ආයතනය මෙම නිෂ්පාදනය ඉදිරිපත් කරනු ලබයි.
සාමාන්‍ය පාසල් දරැවකුගේ කෙටි ජීවිතය චරිතෝපදානයකට විෂයක් වීම අස්වාභාවික විය හැක. ඈන්ගේ ජීවිතය ආරම්භ වන්නේ ජර්මනියේ නාසිවරැන් බලයට පැමිණෙනවාත් සමඟ වන අතර, එය අවසන් වන්නේද ඔවුන්ගේ පරාජය වීමත් සමඟය. ඇය එම අත්දැකීමේ සියලුම කොටස් දැන සිටියාය. එනම්, ඇය වාසය කළ වටපිටාව නාසි සොල්දාදුවන් විසින් ආක්‍රමණය කිරීම, මනුෂ්‍යත්වයටත් වඩා පහත් ලෙස හංවඩු ගැසීම, සැඟවී ජීවත් වීමට සිදුවීම, එකිනෙකට වෙනස් මරණ කඳවුරැවලට පවුලේ සාමාජිකයන් බෙදා තැබීම සහ ක_රත්වයෙන් සතුටු වන ජනතාවකගේ හිරකරැවන් බවට පත්වීම ආදිය ඒවායි.
තම නාට්‍යය ගැන සඳහන් කරන එම්. සෆීර් මෙසේ කීවේය.
මේ නාට්‍යය පසුගිය වසරේ සිට සැලසුම් කළත් විවිධ කරැණු මත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න සිදු වූයේ මෑතකදීය. කෙසේ නමුත් එය අපහසු කාර්යයක් වුවත් මාගේ සමස්ත ශිල්පීන් කණ්ඩායම තුළ වූ විශාල කැපවීම හා ආදරය නිසා මෙය යථාර්ථයක් වුණා. ඉතා සැලසුම්සහගතව හා ඉතා කෙටි කාලයක් තුළ එකම නාට්‍යය සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් නිෂ්පාදනය කරන්නට අපට හැකි වුණා. එසේම ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය පෙට්රා රේමන්ඩ්, ප්‍රධාන පුස්තකාලාධිපති ඩැනියෙල් මහතා ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයම දැක්වූ සහාය නොවන්නට මෙය තවත් කාලයක් සිතුවිලිවල පමණක් රැඳෙන්නට තිබුණු දෙයක් පමණක් වේවි.
පසුගිය වසරේ පාස්කු බෝම්බ ප්‍රහාර නිසා මාහට එක් පැත්තකින් මුස්ලිම් ජාතිකයකු වූ නිසා විඳින්නට සිදු වූ අනේක විඳ මානසික පීඩනයත්, සමස්ත සමාජයම වෙලාගත් අසහනයත් ඈන් ෆ්‍රෑන්ක් දින පොතෙන් ද මා දුටුවා. ඈන්ලා දැනුවත්ව සැඟවී සිටියත්, හිට්ලර්ගේ යුදෙව් ප්‍රති විරෝධ නීතිය ඈන්ලාට සිදුකළා මෙන්ම මෙරට සමාජය ද මාස ගාණක් දරුවන්ව පාසැල් යැව්වේ නැහැ. නාට්‍ය චිත්‍රපට බලන්න ගියේ නෑ. එයත් හරියට සිරගතව සිටියා බඳුයි. බයෙන්, පීඩනයෙන් සියලු දෙනා ජීවත් වුණා. අපිත් හරියට ඇවිදින සෙවනැලි මෙන් වුණා. මීට වසර 70කට පෙර වූ දේ නැවත නැවත ලොව පුරා අදටත් සිදුවෙනවා.
මංගල දර්ශන මාර්තු 05 වැනිදා හා 06 වැනිදා ජර්මන් සංස්කෘතික ආයතන ශාලාවේදී සවස 4.00 හා 7.00ට පැවැත්වේ.
එක් දර්ශනයක් සඳහා ආසන 75ක් වන අතර, ආරාධනා පත්‍ර ජර්මන් සංස්කෘතික ආයතනයෙන් ලබාගත හැකිය.
ප්‍රේක්ෂක