විවාහය කෙනකුගේ දෙවැනි උපත ලෙස හැඳින්වේ. ලොව ජන්ම ලාභය ලබන ස්ත්‍රිය හෝ පුරුෂයා කවදා හෝ විවාහ දිවියට යොමු වේ. විවාහ නොවී සිටින අය අල්ප වන අතර ඔවුන් සමාජයේ ගැරහුමට පාත්‍ර වන බව කිව යුතුය. තමාට ලැබෙන ස්ත්‍රිය හෝ පුරුෂයා නිසා ජීවිතය දෙව්ලොවක් කරගත් අය මෙන්ම අපායේ වැටුණු අයද එමටය.
මනුෂ්‍ය පරම්පරාව අඛණ්ඩව ගෙන යාම සඳහා හැමදෙනාම විවාහ ජීවිතයට සැපත් වීම අනිවාර්යය වේ. එය ස්වභාවධර්මයෙන් අපට දුන් දායාදයකි. විවාහ ජීවිතය නිසා අංග පහක් වැඩෙන බව ජ්‍යොතිෂ විද්‍යාවේ උගන්වයි. ඒවානම් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංචවිධ සම්පත් වේ. යහපත් අංග ලක්ෂණවලින් යුතු පුරුෂයකු සහ ශෝභාමත් ස්ත්‍රියක් විවාහ වීමෙන් මුලින් පැවසූ සම්පත් ලැබන අතර, අයහපත් ලක්ෂණ දැක්වෙන අයගේ විවාහවලින් අභාග්‍ය උදාවෙනවා ඇත. ඒ නිසා විවාහයට සුදුසු ස්ත්‍රීන් හා පුරුෂයන් කවුරුන්ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වෙයි.
විවාහ ජීවිතයේ වාසනාව හෝ අවාසනාව ගෙන එන්නේ එකතු වන දෙදෙනාගේ අංග ලක්ෂණ සහ ක්‍රියාකාරීත්වය හේතුවෙනි. ලෝකෝත්තර සැපය ලබා ගැනීමට පෙර ලෞකික සැපත ලබාගත යුතුය. ලෞකික සැපතක් නැති තැන ලෝකෝත්තර සැපතක් ද නැත. සියලුම ප්‍රතිඵල කර්මයෙන් ඇතිවේ යැයි බෞද්ධ පිළිගැනීමක් තිබුණද, උත්සාහය හා ධෛර්යය නිසා කර්මය පරාජය කර තම බලාපොරොත්තු මස්තකප්‍රාප්ත කරගත හැකිය. ඒ නිසා කර්මය පරාජය කර තම බලාපොරොත්තු මස්තකප්‍රාප්ත කරගත හැකිය. ඒ නිසා විවාහයේදී එකතු වන දෙදෙනාගේ අංග ලක්ෂණ මොනවාද යන්න සලකා බැලීම වැදගත්ය.
ස්ත්‍රියගේ ශරීර ලක්ෂණ අනුව පද්මිණිය, චිත්‍රණිය, සංඛණිය, හස්තිණිය යන ප්‍රබේධ හතරක් දක්නට ඇත. එමෙන්ම උත්තම, මධ්‍යම සහ අධම වශයෙන් ත්‍රිවිධාකාර ස්වභාව ලක්ෂණයන් ද පවතී.
විවාහයේදී ස්ත්‍රියකගේ ශක්තිය පුරැෂයාට ද, පුරුෂයාගේ ප්‍රබලත්වය ස්ත්‍රියට ද අන්‍යොන්‍ය වශයෙන් බලපාන බව සොයාගෙන ඇත. උත්තම ශරීර ලක්ෂණ සහ අයහපත් ගති ලක්ෂණ ඇති ස්ත්‍රීන් පාවා ගැනීමෙන් දීර්ඝායුෂ ඇති පිරිමියා වුවද අල්පායුෂ්කව මරණයට පත්වන බව පුරාතන ජ්‍යොතිෂයේ දැක්වේ. එසේම මෙම තත්ත්වය ස්ත්‍රීන්ට ද පොදුය. එම ප්‍රතිඵලයම ඔවුනට ලැබෙනවා ඇත.
ස්ත්‍රීන් අතුරින් ශ්‍රේෂ්ඨ වූ පද්මිණී නම් සියුම් සුගන්ධයෙන් යුතු යම් කන්‍යාවක් වන්නිද ඇය ශශක නැමැති පුරුෂයකු සමඟ විවාහ විය යුතු බවද, චිත්‍ර රෑපයක් සේ අලංකාර දේහයකින් යුතු චිත්‍රිණී නම් කන්‍යාවක් වන්නීද ඇය මිඟු නම් පුරුෂයා සමඟ විවාහ විය යුතු බවද මෙකී චිත්‍රිණී සහ මිඟු යන කාමයන්ගේ සම්බන්ධය විවාහය ශෝභාමත් කරන බවද ක්ෂාර ගන්ධයෙන් යුත් සංඛේණී නම් කන්‍යාවක් වෘෂභ නම් පුරුෂයා සමඟ විවාහ විය යුතු බවද එය යහපත් බවද එසේම හස්තිනී නම් යම් ස්ත්‍රියක් අශ්ව නම් පුරුෂයකු සමඟ එක්වන්නේද එයින් සැපය, ප්‍රීතිය හා වාසනාව ගෙන දෙන බවද පුරාතන සෘෂිවරුන්ගේ ග්‍රන්ථවල දැක්වේ.
එසේම පද්මිණී නම් ස්ත්‍රියට අශ්ව පුරුෂයාද, චිත්‍රණී ස්ත්‍රියට වෘෂභ පුරුෂයාද, හස්තිණී ස්ත්‍රියට ශශක පුරුෂයාද විවාහ කර ගැනීමෙන් ඔවුනොවුන් තෘප්තිමත් නොවීමෙන් විවාහ කඩාකප්පල් කර ගන්නා බවද සඳහන්ය. ඒ නිසා විවාහ වන දෙදෙනෙක් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය කුමන ගති ලක්ෂණවලින් යුක්තදැයි ජන්ම පත්‍ර අනුසාරයෙන් විමර්ශනය කිරීම ඉතාම වැදගත් බව පෙන්වා දිය හැකිය.
► ජ්‍යොතිෂාචාර්ය සමන් කළුආරච්චි - හැඳල