මෙවර සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍ර අතරින් වැදගත් චාරිත්‍රයක් වූ හිසතෙල් ගෑම 2017 අප්‍රේල් මස 15 දින උදේ 11 පසුවී විනාඩි 4ට යෙදී තිබේ. මෙදින උතුරු දිශාව බලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නානු ගා ස්නානය කළ යුතුවේ.
ඈත අතීතයේ සිටම හිසතෙල් ගෑමේ චාරිත්‍රය පැවති අතර හිස රුකගැනීම තුළින් නිරෝගී බව සුරුකෙන බව පිළිගැනීම වේ. සෞඛ්‍ය රුක ගැනීම සඳහා හිසතෙල් ගෑම වසරකට වරක් කිරීම නොව වසර පුරාම සිදුකළ යුතුවේ. අලුත් අවුරුදු චාරිත්‍රයට හිසතෙල් ගෑම ඇතුළු කර ඇත්තේ නැකතට අනුව හිසට තෙල් ගා පසුව දිගටම එම චාරිත්‍රය පවත්වාගෙන යාමට මූලාරම්භයක් සිදු කිරීමයි. සාමාන්‍යයෙන් දිනපතා තෙල් වර්ග ගෑමද ස්නානය කිරීමද සිදුකළද නැකතට අනුව අලුත් අවුරැද්දේ හිසතෙල් ගෑම චාරිත්‍රයක් ලෙසට සිදුකිරීම අරඹන්නේ අලුත් අවුරුද්දටය.
හිසතෙල් ගෑමේදී තනාගත් නානු හිසතෙල් ගෑමට යොදා ගනී. හිසතෙල් ගෑම සඳහා යොදාගනු ලබන නානු සඳහා පාවිච්චි කරන්නේ ඖෂධීය ගුණයෙන් යුත් ශාක කොටස්ය. සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්ති, ඉරිවේරිය, සැවැන්දරා මුල්, නස්නාරං මුල්, කළාඳුරු අල, කුංකුමප්පු, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, ඊතණ, බෙලිමුල් යොදා නානු සකස්කරගනු ඇත.
මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රයේදී හිසට නුගපත්ද පයට කරඳපත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුගපත් මිශ්‍ර කර සාදාගත් නානු ගා ස්නානය කළ යුතුවේ. මෙහිදී හිසට නුගපත් ඖෂධීය වශයෙන් ඉතා අගනා ඔසුවක් වේ. විශේෂයෙන් පිත් සමනය කිරීමටත් ලේ පිරිසුදු කිරීමටත්, ඉදිමුම් නසන ඖෂධීය ගුණයෙන් යුක්ත නුග ශාඛයේ පත් හිසට තැබීමෙන් එම ශාඛයේ ගුණාත්මක භාවය ඔබගේ නිරෝගී බව සුරැකීමට ඉවහල් වෙයි. පයට තබන්නා වූ කරඳ ශාඛයද සන්ධි වේදනාවලට රක්ත දෝෂ කුෂ්ට රෝග සඳහාත් ඖෂධීය ලෙස යොදාගනු ලබන බැවින් නුග පත් මෙන්ම කරඳ පත්ද නිරෝගී බව ලබාදීමට ගුණාත්මක ඔසුවක් ලෙස සැලකේ. හිසට නුගපත්ද එයට කරඳ පත්ද තබා නානු ගෑම සිදුකෙරේ. මෙවර සෙනසුරාදා දිනයක් හිසතෙල් ගෑමට නියමිත බැවින් ඇඳුමේ වර්ණය සඳහා සෙනසුරුට අයත් නීල වර්ණය යොදාගෙන ඇත.
ඔබත් නියමිත ආකාරයට හිසතෙල් ගෑමේ චාරිත්‍රය ශුභ මොහොතෙන් සිදුකර වසර පුරාවට නිරෝගී දිවියක් ගත කිරීමට ශක්තිය ලබාගන්න.
ජ්‍යොතිෂ ශාස්ත්‍රසූරී
මෙලාන් වික්‍රමසිංහ
ගෝනපල