නුවරඑළියේ නියම කානිවල් එකක්
මෙදා අලුත් අවුරුද්දට නුවරඑළිය පැත්තට යන්න හිතන් ඉන්න අයට පවුලේ පොඩිත්තන් එක්ක විනෝද වෙන්න අවස්ථාවක් තිබෙනවා. ඒ SOS Balloon කානිවල් එකත් සමඟයි. අප්‍රේල් 15 වැනිදා දවල් 1 ඉඳන් රූ 10 වෙනතුරු නුවරඑළියේ තුරඟ තරග පිටියේ පැවැත්වෙන මේ කානිවල් එකට පූජා උමාශංකර් පවා එක්වෙනවා.
උඩරට හමුදාවෙන් විනෝද කඳවුරු
අප්‍රේල් 16 හා 17 දවස් දෙකේ බෙලිහුල්ඔය සහ දියතලාව හමුදා කඳවුරුවල විශේෂ විනෝද කඳවුරක් සංවිධානය කරලා තියෙනවා. ඇවිදීම, පුංචි හමුදා පුහුණුවක්, ආත්මාරක්ෂාව, ප්‍රථමාධාර දැනුම, ගිනි අවි හා ආරක්ෂාව ගැන දැනුම වගේ බොහොම වැදගත් සහ ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙහිදී ලබාගන්න පුළුවන්. වැඩි විස්තර 0716150531 දුරකතන අංකයෙන් ලබා ගත හැකියි.