බියර් මයිල් (Beer Mile) කියන්නේ බටහිර රටවල භාවිත වෙන විනෝද ක්‍රීඩාවක්. මේක දිවීමේ ක්‍රීඩාවත් බියර් පානයත් එකට එකතු කරගත් ක්‍රියාකාරකමක්.
වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. බියර් මයිල් දිවීමේ තරගයක් සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ මීටර 400 ධාවන පථයකයි. නමුත් ඒක වෙනස් වෙන්නත් පුළුවන්. තරගයට වට හතරක් තියෙනවා. හැම වටයක්ම පටන් ගන්න කලින් මිලි ලීටර 350 බියර් බෝතලයක් පානය කරන්න හැම ක්‍රීඩකයෙක්ටම සිද්ධ වෙනවා. බියර් බෝතලය ඉවර කරලා තමයි දිවීම පටන් ගන්න ඕන.
මේ විදිහට වට හතරක් දුවන්න ක්‍රීඩකයන්ට සිද්ධ වෙනවා. දුවන්න වගේම බොන්නත් කොච්චර වේගවත්ද කියන දේ අනුව තමයි ජයග්‍රාහකයා තීරණය වෙන්නෙ.
බියර් මයිල් කියල හැඳින්වුවාට සමහර අවස්ථාවලදී බියර් වෙනුවට වෙනත් සැර මත්පැන් භාවිත කරන අවස්ථාත් දකින්න ලැබෙනවා.