අහංගම කියන්නේ එක්තරා විදිහකට අඩුවෙන් සංචාරක අවධානයට ලක්වුණු නමුත් ලංකාවේ තියෙන හොඳ නොඉඳුල් මට්ටමේ මුහුදු තීරයක්. මුහුදු වෙරළේ සුන්දරත්වය වගේම රිටි පන්නයෙනුත් අමුතු විශේෂිත බවක් අහංගම පරිසරයට එක්වෙනවා.
අහංගම සංචාරක පරිසරයේ තවත් සුවිශේෂී ලකුණත් විදිහට ක්ලබ් ලංකා නිකේතනය හඳුන්වන්න පුළුවන්. මේ වෙද්දී එය Insight Resort නමින් අලුත් නමකින් නැවත හඳුන්වාදීලා. කොළඹ සිට මිනිත්තු 60කින් ළඟාවිය හැකි දුරකින් පිහිටලා තියෙන අහංගම Insight Resort’ විශේෂයෙන්ම මුහුද ආශ්රිත ක්‍රීඩා සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම්වලට තෝතැන්නක් කිව්වොත් නිවැරදියි.
මෙම හෝටලයේ කළමනාකාර රොෂාන් වීරතුංග මහතා පවසන ආකාරයට හෝටලයේ නවාතැන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට අහංගම ගැමි ජීවිතය අත්විඳීමේ අවස්ථාවක් මෙහිදී උදාවෙනවා. විශේෂයෙන්ම ගම්මානයේ වෙසෙන ජනතාව, තරුණ ප්‍රජාව හා කතාබහ කිරීමට අදහස් බෙදාගැනීමට මෙහි පැමිණෙන සංචාරකයන් ධෛර්යමත් කෙරෙනවා. එය සාමාන්‍ය සංචාරයකට එහා ගිය අත්දැකීමක් සමීප කරවන්නක්.
හෝටලය සතුව නවීන පහසුකම් සියල්ල සපිරි කාමර 30ක් තිබෙනවා. තරු තුනේ හෝටලයක් වන Insight Resort’ හි තිබෙන ගෙවත්ත හෝටලයත් මුහුදත් අතර සොඳුරැ වටපිටාවක් නිර්මාණය කරනවා.
අහංගම කියන්නේත් සර්ෆින් ක්‍රීඩාවක් හොඳින් ගැලපෙන මුහුදු තීරයක්. මේ නිසාම සර්ෆ් කරන්න කැමැති තරුණ පිරිස් වෙනුවෙන් Youth Fame නමින් Budget rooms කිහිපයකුත් මේ හෝටලයේ තිබෙනවා. සංචාරකයින්ගේ සුවය වෙනුවෙන් හෝටලය සතුව ආයුර්වේද ස්පා එකකුත් තිබෙනවා.
අවන්හල දේශීය මෙන්ම වෙනත් පෙරදිග හා අපරදිග කෑමබීම වලට විවෘතයි. ඉතාලි, ඉන්දියානු, තායි, ඉන්දුනීසියානු ආහාරපාන ඒ අතර ප්‍රධානයි.
මුහුදට අමතරව සිංහරාජය, ගාල්ල ලන්දේසි බලකොටුව, මඩොල් දූව, යාල, බූන්දල, උඩවලව, කලමැටිය කුරුලු අභය භූමිය, වෙහෙරහේන, කහඳකන්ද තේ වතුයාය, කැස්බෑ ගොවිපොළ වගේ බොහෝ ස්ථාන කරා යන ඔබට ගිමන් නිවන්න විනෝද වන්න හොඳ තැනක් තමයි Insight Resort.
- සනත් වීරසූරිය
සේයාරූ -ශාන් බන්දු වීරසිංහ