අපේ ආච්චි අම්මා පොඩි කාලෙ මට වෛද්‍යවරයෙක් වෙන්න යැයි කිව්වෙ එසේ වුණොත් රස්සාව කරන ගමන් පින් කරන්නත් පුළුවන් කියාය. එහෙත් ඒ ආච්චි අම්මම අන්තිම දවස්වල රෝහලේ නවත්තන්න ගියවිට මුලින් වාට්ටුවෙ වෛද්‍යවරයගේ පෞද්ගලික ප‍්‍රතිකාර කරන තැනට ගිහින් සල්ලි ගෙවලා කතා කරලා ඊළගට තමයි රෝහලට ඇතුළත් කරන්නෙ. නැත්තන් හොඳට බලන්නෙ නැහැලු. පින් කෙසේ වෙතත් වෛද්‍යවරයාගේ මව්පියන් සිහිකරන අය නම් එම වාට්ටුවේදී මට හමුවුණා. වෛද්‍යවරැන්ගේ භූමිකාවේ හෝ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ගැටලුව ගැන සාමාන්‍ය මිනිස්සුන්ට බුද්ධිමතුන් යැයි හඳුන්වන පිරිස් ටොකු අනිමින් පවසන්නට අවැසි නැත. එය ඔවුහු අත්දැකීමෙන්ම දනිති. වෛද්‍යවරැන්ගේ මෙවැනි තවත් බොහෝ අඩුපාඩු ගැන සංවාදය ඇරඹෙන්නේ සයිටම් අහෝසි කිරීමේ අරගලය තීව‍්‍ර වීමත් සමඟය. මේ වන විට සිදුවෙමින් පවතින්නේ වෛද්‍යවරැන් පිළිබදව සමාජයේ ඇති මෙම අදුරැ චිත‍්‍රයට මුවාවෙමින් සයිටම් විරෝධී අරගලයෙන් සාමාන්‍ය ජනතාව ඈත්කර තැබීමේ කුමන්ත‍්‍රණයකි. අප එය නිවැරදිව කියවා ගත යුතුව ඇත.
සල්ලි තියෙන අයට යන්න පෞද්ගලික රෝහල් තිබුණට මොකද වැනි අදහසකින් ආරම්භවී අද වන විට සල්ලි තිබුණත් නැතත් විවිධ පරීක්ෂණ හා තවත් බොහෝ දේට පෞද්ගලික රෝහල් වෙත යාමට සිදුවී ඇත. එය අපේ රටේ සෞඛ්‍ය අංශවල කරේ තබා නිදහස් වෙන්නට උත්සහ කළද වෙළෙඳපොළ ක‍්‍රමය තුළ යථාර්ථය මෙය බව ලෝකයම සාක්ෂි දරයි. එවැනි ක්ෂේත‍්‍රයක වෘත්තිකයන්ද එහි ගොදුරැ බවට පත්ව ලාභය පසු පසම එළවන තැනට වැටීම පුදුම වීමට දෙයක් නොවේ. කවුරැන් හෝ එහි වැරුද්දක් දකී නම් කළ යුත්තේ &මෙවැනි දොස්තරලා අපේ සල්ලිවලින් බිහිවෙනවට වඩා එයාලම ගෙවලා හැදුණම හොඳයි, ප‍්‍රයිවට් ෆැක්ටිස් හොඳයි ප‍්‍රයිවට් කැම්පස් තමයි නරක මුන්ගෙ කුහකකම සයිටම් එක වහන්න හොඳ නැහැ* වගේ කතා කියමින් සිටීම නොව කළ යුත්තේ සෞඛ්‍ය වෙළද භාණ්ඩයක් බවට පත්වීම නිසා තමන් අත්විදින යථාර්ථය හෙට දවසෙ ඒ විදිහට අධ්‍යාපනයට අදාළව අත්විඳින්න වෙන්න නොදී සයිටම් එකටත්, අධ්‍යාපනය යම් පිරිසකගේ ලාභය වැඩි කරන මාර්ගයක් කරගන්න ඉඩ හදන පාලකයන්ගෙ ප‍්‍රතිපත්තියටත් විරැද්ධ වෙන එකයි.
වෛද්‍ය පීඨයක ඉගෙන ගන්නා මගේ මිත‍්‍රයෙක් සරසවියට ගිය අලුත දිනක් පැවසුවේ &අපේ බැච් එකේ ඩොක්ටර්ස්ලා වෙන්න ආපු තුන්දෙනෙක් ඉන්නවා” කියාය. වෛද්‍ය පීඨයකට වෛද්‍යවරයෙක් වීමට හැර වෙන ඇතුළුවීමට හේතුවක් නැති බැවින් එය විමසද්දී ඔහු පැවසුවේ අනෙක් සියලු දෙනාම ඕලෙවල් හොදට පාස් හින්ද හැමෝම තෝරගන්න නිසා ජීව විද්‍යාව තෝරගත්ත අය බවය.
වෙනත් විෂයන්ට වෘත්තීන්ට කැමැත්තෙන් සිටි එනමුදු සමාජයීය තෙරපුම නිසා වෛද්‍යවරැන් ඉංජිනේරැවන් වීමට යොමුවූ බොහෝ දෙනකු අපිට මුණගැසෙයි. තරගකාරී අධ්‍යාපනය තුළ සිසුවකුට තම ළමා කාලයේ සෙල්ලම් බත් උයන එක පැත්තකින් තබා අමතර පන්ති යාමට සිදුවේ. යොවුන්වියේ ආදර සබඳතා වැනි දේ පසක තබා දිවා රූ පාඩම් කිරීමට සිදුවෙයි. වෛද්‍ය ශිෂ්‍යයකුගේ පිටුපස කලාතුරකින් අයකුට හැර මෙවැනි අහිමිවූ දෑ බොහෝය.
එසේම සරසවිය තුළද ආතතිකාරී ඉගෙනුම් ක්‍රියාවලියක් පවතින අතර සිසුන් සියදවි නසාගැනීම වැනි තත්ත්වයන් කරා පත්වන්නේ හේතු රහිතවම නොවේ. මෙහිදී තමන් ස්වාභාවයෙන් කැමති විෂයන් වෘත්තීන් අතහැර මේ විෂයන් වෙත යොමුවන සිසුන්ගේ පීඩාව අධික වෙයි. අවසන රුකියාවට පැමිණි කල වෛද්‍යවරයකු වීමේ ආසාව නැති බහුතර ශිෂ්‍යයන් රෝගීන්ට ප‍්‍රතිකාර කර ආස්වාදයක් නොලබන අතර එම තැනට පැමිණීමට ඔවුන් ජීවිතේ බොහෝ දේ ගෙවා දමා ඇති තත්ත්වයක් තුළ ඉවක් බවක් නැතිව මුදල් සොයමින් තම සිහින තුළ මවා ඇති ලොකු ගෙයක් හොඳ කාර් එකක් පසුපස ඔවුන් ඉබාගාතේ දිවීම ගැන පුදුම වන්නට දෙයක් නැත. එලෙසම පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ පඩි වැඩි කරන විට එහෙමනම් පඩි අතර පරතරය තියාගන්න අපෙත් වැඩි කරන්න ඕනෙ වගේ තර්කයන් ඔවුන් වෙතින් ගොඩනැගීමද අපට තේරැම් ගත හැකිය. මන්දයත් ජීවිතයම කැපකොට තමාට අදාළ නොවන, තෘප්තියක් නොලබන වෘත්තියකට ඇතුළුවීමට බලකෙරැන ඔවුන් එවැනි සමාජයේ විශේෂ කොට සැලකීමක් බලාපොරොත්තු වීම සිතාගත හැකිය. එසේ නොවේනම් ඔවුන්ට තමන්ගේ ජීවිතේ සාදාගත් රිත්තකයන්ට පිළිතුරක් නොලැබෙනු ඇත.
දැන් මේ අර්බුදයට විසඳුම කුමක්ද? ශිෂ්‍ය ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය සමඟම කියන සටන් පාඨයක් වන අධ්‍යාපනයේ නිදහස යන්න තුළ මීට පිළිතුරැ ඇත. එම සංවාදය තවම සමාජය වෙත ගෙන ඒමට හැකියාව ලැබී නැත. ඒ පිළිබඳව මේ ලිපියේම කතා කිරීමට ඉඩ කඩ ප‍්‍රමාණවත් නැත. කෙසේ නමුත් එම එකදු කාරණයකටවත් විසඳුම සයිටම් එකට ඉඩදීම හෝ අධ්‍යාපනයට වෙළදපොළට විවෘත කිරීමෙන් නොලැබෙන බවත් එමගින් අර්බුදය තවත් සංකීර්ණ වන බවත් අප පැහැදිලි කරගත යුතුය.
වෛද්‍යවරැන්ට පාඩමක් උගන්වන්නට සයිටම් එකට ඉඩදිය යුතු බවට එන තර්කයේදී මෙලෙස අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීමෙන් පීඩාවට පත්වන්නේ සමාජයේ පහළ ස්ථරයන්හි ජනතාවය. බොහෝ විට වෛද්‍යවරැන්ට කෙලෙස හෝ මේ අධ්‍යාපනයට නියම වෙන මිල ගෙවීමට හැකියාව ලැබෙනු ඇත. සයිටම් වැනි ආයතන සාදා පුළුවන් තරම් වෛද්‍යවරැන් බිහිකර වෛද්‍යවරැන්ගේ සංගමයේ ආධිපත්‍ය බිඳදැමිය යුතුයැයි යමෙක් සිතයි නම්, එලෙස බිඳ දැමුවත් එහි වැඩවසම් ලක්ෂණ අවම වී නවලිබරල් නරැමත්වය එම වෘත්තියට දැනටත් වඩා රිංගන එක හැරෙන්නට එමගින් ප‍්‍රගතිශීලී වෙනසක් ඇතිවේ යැයි බලාපොරොත්තු තැබීම විහිළුවකි. ඉන්දියාව වැනි අපට සමාන ආර්ථික හා සමාජයීය තත්ත්වයන් ඇති රටක තත්ත්වය මෙහිදී අවධානයට ගත හැකිය. වෛද්‍යරැන් සමඟ පවත්නා තරහකට ඔවුන්ට ටොක්කක් ඇනීමට අධ්‍යාපනයට මෙතරම් හානියක් වන තීරණයකට එළඹිය යුතුද යන්න සිතා බැලිය යුතුය.
එසේනම් මෙම වෙද බමුණු කුලය බිඳ දමන්නේ කෙසේද? අධ්‍යාපනය සිල්ලරට විකුණන්නට ඉඩදීමෙන් එය සිදුනොවේ. එය සිදුවිය යුත්තේ වෛද්‍ය වෘත්තිකයන් තුළින්මය. ඔවුන් සමඟ කරන දේශපාලනයක් හරහාය. එය සරලව මෙසේය, අද වන විට පෞද්ගලිකව වෛද්‍ය සේවාවන් සැපයීම පිළිබදව වෛද්‍ය පීඨ තුළ සංවාදයක් ඇතිවී ඇත. නිදහස් අධ්‍යාපනය ලබන, අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් නොකළ යුතුයි කියන අප සෞඛ්‍ය වෙළෙඳපොළකරණයේ දංගෙඩියට දැක්වීමට දායකවීම යුක්ති සහගත නොවන බවට ඔවුන් අතර සංවාදයක් ඇතිවෙමින් ඇත. හුදු වෛද්‍ය සිසුවාගේ අන්‍යෝන්‍යතාවයෙන් ඔබ්බට ගිය දේශපාලනිකව දියුණු සහෝදර සහෝදරියන් වෛද්‍ය පීඨ තුළින් බිහිවෙමින් ඇත. මෙම සහෝදර සහෝදරියන් හෙට දින සෞඛ්‍ය වෙළෙඳ භාණ්ඩයක් කිරීමටද එරෙහිව පෙනී සිටිනු ඇත. වෙනත් ශ්‍රේණිවල පඩි වැඩි කිරීමේ අරගලයන්ට එරෙහි නොවනු ඇත. සෞඛ්‍ය වෙළෙඳ මාෆියාවන්ගෙන් ගලවා ගැනීමට සටන් වදිනු ඇත. ඔවුන් විසින් පවතින වෙද බමුණු කුලය බිඳ දමනු ඇත. සත්‍ය ලෙසම එය බිද දැමිය යුත්තේ එලෙසය. ඒ සඳහා වෙද සිසුන් සමඟ උරනුර ගැටී කරණ දුෂ්කර දේශපාලන අභ්‍යාසයක් අපට ඇත. එය පත්තරයකට ලිපියක් ලියනවා, සම්මන්ත‍්‍රණයක කතාවක් කරනවා වැනි පහසු දෙයක් නොවනු ඇත. එනමුදු සැබෑ විසඳුම ඇත්තේ එතනය.
රිවිහාර පින්නදූව
නීති විද්‍යාලය