2016 සැප්තැම්බර් 21 වන බදාදා

ජ්‍යොතිෂ ග්‍රන්ථ දෙකක්

 2016 සැප්තැම්බර් 21 වන බදාදා, පෙ.ව. 12:00 217

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ.සී.ජේ. රත්නායකයන්ගේ ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථ දෙකක් කලන ප්‍රකාශනයක් ලෙස සාහිත්‍ය මාසය නිමිත්තෙන් පසුගියදා දොරට වැඩීම සිදුවිය.
&Who and How - ස්ත්‍රී පුරැෂ සබඳතා පිළිබඳ පෙර අපරදිග ජ්‍යොතිෂ රහස්* සහ &The Love Book - ජ්‍යොතිෂය ප්‍රේමය සහ අනුරාගය* මෙම ග්‍රන්ථ දෙකයි.
විවාහය සහ ලිංගිකත්වය මිතුරැ ඇසුර සහ ව්‍යාපාරික කටයුතු ආදිය සඳහා තමාට උචිතම පුද්ගලයා කවුද ඔහු හෝ ඇය ජ්‍යොතිෂ විද්‍යානුකූලව හඳුනාගන්නේ කෙසේද යන්න Who and How ග්‍රන්ථයේ ගැඹුරින් සාකච්ඡාවට ලක්ව තිබේ.
ලිංගික ආශාව ප්‍රේමය සහ විවාහය යන සැමට පොදු කාරණයේදී උචිතම සහකරැ සොයාගත හැකි ආකාරය The Love Book හි සාකච්ඡාවට බඳුන්වේ. මෙය හඳුන්වා දී ඇත්තේ ආදරය සොයා යන්නන්ට පොදු අත්පොතක් ලෙසිනි.
විද්‍යාර්ථීන්ට පමණක් නොව සෑම තරාතිරමකම පුද්ගලයන්හට සරලව සහ විචිත්‍ර බස් වහරකින් විස්තර කරදෙන නූතන ජ්‍යොතිෂ ග්‍රන්ථ යුගලක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
 සුගත්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00