2016 අප්‍රේල් සූර්ය සංක්‍රාන්ති කේන්දරයට අනුව අහිතකර විපත් බහුල වසරක් බව කල් ඇතිවම දේශය පුවත්පත මඟින් සඳහන්වූවා මතක ඇති. ඒ අනුව දේශගුණික වශයෙන් 2016 වසර පුරාවට නිතර අසන්නට හා දකින්නට ලැබුණු අහිතකර තත්ත්වයන් බොහෝය. මැයි මාසයේ ගංවතුර නායයෑම් මෙන්ම ජුනි ජූලි මාසවල ගිනිගැනීම් මෙන්ම විශාල පිපිරීම්ද අගොස්තුවේ භූමිකම්පාද සමග ඒ අතරට සුලි කුණාටු වලින්ද අඩුවක් නොවිණි. දැන් සැප්තැම්බර් මාසයේ නොසිතූ ලෙස මහත් විපත් බලාපොරොත්තු වන්නට සිදුවෙයි.
එක් ග්‍රහයෙක් තවත් ග්‍රහයෙකු අභිබවමින් ගමන්කළ වකවානුවක් හෙවත් ජ්‍යොතිෂ භාෂාවෙන් කියනවා නම් එකපිට ග්‍රහ යුද්ධ පොකුරක් ඇතිවීම ඉතා විරල අවස්ථාවකි. එසේ තිබියදී සැප්තැම්බර් 16 දින උදේ 6.36 ට සූර්යයා සිංහ රාශියෙන් කන්‍යා රාශියට ප්‍රවිෂ්ට වූ අතරේ එදින රාත්‍රී 12.11 ට සදු ග්‍රහයා කුම්භ රාශියෙන් අපෝ රාශියක් වන මීන රාශියට ප්‍රවිශ්ට වියි. සූර්යයාට සප්තම ව රාත්‍රී 12.25 ට යෙදෙන චන්ද්‍රග්‍රහණයත් සමග දේශගුණික වශයෙන් විපත්ති රාශියක් ගෙන දීමට ඉඩ ඇත. සාමාන්‍යෙයන් ගුරැ ග්‍රහයා සමග රවි සංයෝගයත් සඳු ග්‍රහයා හුදකලා ගමනක නිරත වීමත් නිසා දැඩි වියලි කාළගුණික තත්ත්වයක් පැවතීම දේශගුණික වශයෙන් අසමතුලිත බවක් ඇති කරයි. අහස පුරා වළාකුළු වලින් පිරී පැවතීමෙන් අධික වැසි මෙන්ම සුළිකුණාටු හා භූ චලනයන් ද ලොවපුරා දකින්නට හා අසන්නට ලැබෙයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ චන්ද්‍ර ග්‍රහණයෙන් දින 3කට පසු කාළගුණික තත්ත්වය දරැණු ලෙස අයහපත් වීමයි. උල්කාපාත පතිතවීම් ද දකින්නට හැකිවේවි.
සූර්යයා මේෂ රාශියෙන් ආරම්භවන බක් මාසයෙන් 6 වන මාසය වන මෙම බිනර මාසයේ සූර්ය සංක්‍රාන්ති කේන්දරය හා සැසදීමේදී සැප්තැම්බර් මාසයේ ප්‍රබල දේශපාලඥයකුගේ අභාවයක්ද සිදු වන්නට ඉඩ ඇත. තවද ගුවන් ගමන් අනතුරැ හා මුහුදු ගමන් අනතුරැද අසන්නට ලැබෙයි. දේශපාලනික වශයෙන් බොහෝ ගැටීම් හා ආරවුල් ඇතිකරන ග්‍රහ පරිසරය සැකසෙන කාලයක්ද වෙයි.
ජොතිෂ්‍ය විඥාණාචාර්ය ඩබ් තිලක් ද සිල්වා