2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

දරුවන්ට අනතුරු බහුල සමයක්

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු තමාට ස්වක්ෂේත්‍රව රාශි භවන වූ මේෂ රාශියට 2020 දෙසැම්බර් 24 වන ගුරු දින උදේ 10.18ට පිවිස 2021 පෙබරවාරි 22 සඳු දින පාන්දර 4.36 දක්වාම බලවත්ව ගමන් කරනු ඇත. මෙලෙස අඟහරැ බලවත් වීම අප රටට හා ලෝකයේ රටවලට බලපෑම පිළිබඳව විමසා බලමු.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී ව්‍යාපාර කටයුතු අධ්‍යාපනය පිළිබඳව නව නීති පනත් ඇතිවනු ඇත. ජනප්‍රිය උසස් ප්‍රභූ කාන්තාවකගේ මරණයක් සිදුවන අතර ස්ත්‍රීන්ට හා කුඩා ළමයින්ට සිදුවන අනතුරුවල ඉහළ යාමක්ද වාර්තා වන වසරක් වේ.රටේ ආර්ථික වර්ධනය පැවැති මට්ටමෙන් තව පහතට වැටීමක්ද වාර්තා වන අතර මහජනයාගේ සතුට ගිලිහී යන වසරක් වෙයි. භීතියෙන් කල්ගත කරන කාලයක් බවට පත්වනු ඇත. විවිධ රෝග පීඩා නිසා රෝගීන්ගෙන් ආරෝග්‍යශාලා පිරී යන අතර හඳුනා නොගත් වෛරස් රෝග ව්‍යාප්ත වීමත්, කොරෝනා රෝග තත්ත්වයද බහුලව රට තුළ පැතිර යාමක් සිදුවේ. රෝහල් සේවකයින්ටද රෝග වැළඳීමටද ඉඩ ඇති අතර රෝහල් ප්‍රධානීන්ට, බලධාරීන්ට, සේවකයින්ට රෝගීන්ගෙන් හා මහජනයාගෙන්ද චෝදනා එල්ල වනු ඇත. කර්මාන්තශාලා ආශ්‍රිත අශුභ සිදුවීම්ද වන අතර ප්‍රභූ විවාහ මංගල්‍යද යෙදෙන අතර බිහිසුණු දුම්රිය අනතුරැ ඇතිවීම්ද දුම්රිය පීලි පැනීම්ද සිදුවේ. බස් රථ මෝටර් රථ අනතුරැ ඇතිවීමත් විපරීත කාලගුණික විපර්යාස, ජල ගැලීම්ද නායයෑම්ද භූමිය හදිසි ගිලාබැසීම් ඇතිවීමත් ගොඩනැගිලි කඩාවැටීමත් සිදුවනවා ඇත.

විදේශීය වශයෙන්ද ප්‍රබල රටවල් තම යුද ශක්තිය වර්ධනය කර ගැනීමට පෙළඹෙන අතර මහජනයා අතර විප්ලවකාරී ක්‍රියාද කැරලි ඇතිවීම්ද ඇරඹේ. ලෝක ජනතාවට ඉතා අයහපත් ලෙස රෝග ව්‍යාප්ත වීමෙන් ඔවුන් මරණයට පත්වීමත් වාර්තා වන කාලයක් වනු ඇත. කාන්තා මරණ ඉහළ යන වසරක් වන අතර කලාකරැවන්ටද සංගීතවේදීන්ටද මාරක ඇති වන කාලයක් වේ. රාජකීය උසස් ප්‍රභූ අයකුගේ මරණයක් සිදුවන අතර අධිකරණ තීරණ සම්බන්ධයෙන් වාද විවාද ඇතිවීමත් මුහුදු ආශ්‍රිතව ජීවත් වන අයට අවදානම් ඇතිවන අතර හදිසි ජල ගැලීම්ද 
වන අතර ප්‍රබල භූ චලනද සිදුවන කාලයක් වේ.


රාජ්‍ය නැකැත් කමිටු සාමාජික
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී 
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00