2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

HIT TIPS

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 53

ගල්කිස්සේ රෙගේ සාජ්ජේ 

රෙගේ රජු බොබ් මාලේ සමරමින් රෙගේ සංගීත සාජ්ජයක් 22 වැනිදා ගල්කිස්සේදී පැවැත්වෙනවා. බර්ජයා මවුන්ට් රෝයල් හෝටලයේ පැවැත්වන මේ සාදයට Keith Gibson The Believers එක්වෙනවා.

සවස 4 ඉඳන් 11 වෙනකල් පැවැත්වෙන මේ සාදයේ ටිකට් බර්ජයා හෝටලයේදීත් ස්පොන්ජ් අවන්හලේදීත් මිලදී ගන්න තිබෙනවා.
 

තල්මසුන් එක්ක අලිත් බලන්න

Lanka Sawari වෙතින් සූදානම් කරන විශේෂ සවාරියක් අප්‍රේල් 29/30 දවස් දෙකේ පැවැත්වෙනවා. මහ මුහුදේ ඉන්න විශාලම සත්ත්වයාත් ගොඩබිම ඉන්න විශාලම සත්ත්වයාත් යන දෙදෙනාම එකම සති අන්තයකදී දකින්න අවස්ථාව මේ සවාරියෙන් ලැබෙනවා.

ඒ කියන්නේ මිරිස්සේ තල්මසුන් හා ඩොල්පින් නරඹලා ඉන්පස්සෙ යාලට ගිහින් අලි, දිවියන් ඇතුළු සත්තු නැරඹීමේ අත්දැකීමක් විඳින්න පුළුවන්. 0773774448 දුරකථන අංකයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.