2016 සැප්තැම්බර් 21 වන බදාදා

පාන් - බටර් එක්ක ජර්මන් මීට්බෝල්ස් මස්ටඩ් ක්‍රීම්

 2016 සැප්තැම්බර් 21 වන බදාදා, පෙ.ව. 12:00 107

හැන්දෑ වරැවේ කොළඹ අහස දිහා බලාගෙන බීර වීදුරැවක් තොලගාන්න හෝ මිතුරන් පිරිසක් එක්ක ඇවිත් හෝ පෙම්වතිය බිරිය එක්ක ඇවිත් හෝ රාත්‍රී කෑමවේලක් ගන්න කදිම තැනක් තමයි Berlin Sky Lounge කියන්නේ. මේ අවන්හල පිහිටලා තියෙන්නේ කොළඹ බේරේ වැව අසලයි. 

Il Cielo හා Berlin Sky Lounge කියන අවන්හල් දෙකම පිහිටලා තියෙන්නේ මේ තට්ටු හතක ගොඩනැගිල්ලේයි. Berlin Sky Lounge හි පිළිගැන්වෙන්නේ ජර්මානු ආහාර වර්ගයි. ඒ වගේම අවශ්‍ය නම් Il Cielo කියන අවන්හලේ තිබෙන ඉතාලි ආහාර වර්ගත් ඇනවුම් කරගන්න පුළුවන්. මේ අවන්හලට ඔබ යනවා නම් අනිවාර් යෙන්ම Roof Top එකට යන්න අමතක නොකළ යුතුයි. එක් පසෙකින් බේරේ වැවත් ඒ අසලින්ම ලහිලහියේ ඉදිවෙමින් තිබෙන සුවිසල් ගොඩනැගිලි පෙළත් ඇතුළු කොළඹ අහසම දකින්න පුළුවන් තැනක් තමයි Berlin Sky Lounge එකේ Roof top එක. 
මෙතැන ජර්මානු ආහාර යටතේ පිළිගැන්වෙන ඉතා රසවත් ආහරයක් තමයි Mix Teller කියන්නෙ. ඒක ජර්මානු මස්ටඩ් ක්‍රීම් සමග මීට් බෝල්ස් සහ සොසේජස් එකතුවක් අර්තාපල් එක්ක මුසු කරලා හදලා තියෙන රසවත් ආහාරයක්. එය පාන් සහ බටර් පිළිගැන්වීමකුත් සහිතයි.
මීට අමතරව Bratwurst auf Bayrisch Kraut, Curywurst, Leberwurst mit Reibekuchen වගේ ජර්මානු කෑම රුසක් එහි පිළිගැන්වෙනවා. කෑම බීමවලට අමතරව බීර වගේම කොක්ටේල්ස් සහ මාටිනී, ටිකීලා, ස්කෝච් වගේ ඇල්කොහොල් වර්ගත් ලබාගන්න පුළුවන්. 
ඉතින් සාමාන්‍ය අවන්හලකට යනවාට වඩා වෙනස් අත්දැකීමක් විඳගන්න Berlin Sky Lounge කියන්නේ හොඳ තේරීමක්. විශේෂයෙන් මහල් හතක් පුරා පිහිටලා තියෙන අවන්හල නිසා තදබදයේ ප්‍රශ්නයකුත් පැන නඟින්නේ නැහැ.