The Gathering විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙන මේ සිය ගණනක් වූ අලි ඇතුන්ගේ ඒකරාශී වීම නරඹන්න හොඳම මාසය හැටියට සැලකෙන්නේ සැප්තැම්බර් මාසයයි. කෑම සහ බීමට ජලය හොයාගෙන යන වනාන්තරයේ සිටින විවිධ වයස් මට්ටම්වලට අයත් අලි දෙසීයකට වැඩි ප්‍රමාණයක් මේ කාලයේදී ගැවසෙන්නේ මේ වැව් ඉහත්තාවේ යි.
ජූලි සිට සැප්තැම්බර් මාස අතර කාලයේදී ලංකාවේම උෂ්ණත්වය ටිකක් ඉහළයි. විශේෂයෙන්ම වියළි කලාපයට මේ බව ටිකක් වැඩිපුර දැනෙනවා. ඉතින් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වාසය කරන අලි ඇතුන් මේ උෂ්ණත්වය නිසාම මින්නේරිය වැව් ඉහත්තාවට රොක්වීම මේ කාලයට සුලබ දසුනක්.
The Gathering විදිහට ප්‍රසිද්ධවෙලා තියෙන මේ සිය ගණනක් වූ අලි ඇතුන්ගේ ඒකරාශී වීම නරඹන්න හොඳම මාසය හැටියට සැලකෙන්නේ සැප්තැම්බර් මාසයයි. කෑම සහ බීමට ජලය හොයාගෙන යන වනාන්තරයේ සිටින විවිධ වයස් මට්ටම්වලට අයත් අලි දෙසීයකට වැඩි ප්‍රමාණයක් මේ කාලයේදී ගැවසෙන්නේ මේ වැව් ඉහත්තාවේ යි. Lonely Planet මගින් ලොව හොඳම වනජීවී දසුන් 10 අතරටත් මින්නේරියේ The Gathering නම් කරලා තියෙනවා.
කෑම බීමවලට අමතරව මේ අවස්ථාව සාමාන්‍යයෙන් සමූහයක් ලෙස ජීවත් වෙන්න රැසි අලි ඇතුන්ට තමන්ගේ වර්ගයේ එකිනෙකා සමග එතට කාලයක් ගතකරන්න, අලුත් සම්බන්ධතා ගොඩනඟා ගන්න, විශේෂයෙන්ම තරැණ අලින්ට ඇඹෙණියන් සොයාගන්න වගේ විවිධ කාර්යයන්ට උදව් වෙනවා.
සිනමන් ලොජ් හබරණ හෝටලය හරහා ඔවුන්ගේ Nature trails සේවාවෙන් මේ අලිඇතුන් නැරඹීමේ අවස්ථාව ඉතා සුන්දර අත්දැකීමක් බවට පත්කරගන්න හැමෝටම පුළුවන්.
සනත් වීරසූරිය