2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

බුධ වක්‍රයෙන් මිදේ - මහජන යහපතට රජයෙන් බරට වැඩ

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

මේෂ රාශියෙහි කේතුට අයත් අස්විද නැකතේ ගමන් කරන බුධ 2017 මැයි මස 3 වන බුධ  දින රාත්‍රී 10 පසුවී විනාඩි 4ට වක්‍ර ගමනින් මිදී සුපුරුදු ගමනින් යනු ඇත. බුධ වක්‍ර ගමනින් මිදීම තුළින් අප රටට ඇතිවන්නාවූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී මහජන සුබසිද්ධිය උදෙසා රජය විශේෂ ක්‍රියාමාර්ග ගන්නා වූ වකවානුවක් වන අතර නව නීති පනත් රෙගුලාසි සම්පාදනය කරමින් රටට වැදගත් වූ ආයෝජන අවස්ථාවන් විදේශීය වශයෙන් හිමිවන අතර රටේ උන්නතිය උදෙසා රාජ්‍ය නිලධාරීන් විදේශීය ගමන්වල යෙදෙන්නා වූ කාල වකවානුවක් වනු ඇත.

මේෂ - කටයුතු  දියුණුවක්

ඔබට මෙම දින කිහිපය ශුභ ඵල අත්වනු ඇත. විශේෂයෙන් ඔබ කරන්නා වූ කටයුතුවල දියුණුවක් ප්‍රගතියක් අත්කරගත හැකි වන්නාවූත් කාල වකවානුවක් වේ. තමාගේ දියුණුව උදෙසා තම මතය ක්‍රියාවට නංවන අතර ඒ නිසා හිතමිතුරන් අමනාප වීම්ද සිදුවනු ඇත.

වෘෂභ - බාධා වැඩියි

ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශ්වවලින් බාධා ගෙනදෙනු ඇත. හවුල් කටයුතු කිරීමේදී කල්පනාකාරීව සිටිය යුතුය. කලා හා ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය.

මිථුන - අධ්‍යාපනයට හොඳයි

අලුත් හිතමිතුරන්ගෙන් ඔබට උදවු උපකාර හිමිවනු ඇත. අධ්‍යාපනයේ නිරත වී සිටින අයට යහපත්ය. ඔබගේ කටයුතුවලට යම් යම් පාර්ශ්වවලින් විරුද්ධවාදීකම් ඇතිකරනු ඇත.

කටක - ප්‍රබෝධයෙන් වැඩ

ඔබට යහපත් ඵල අත්වන්නාවූත් වකවානුවකි. තම මතයට කටයුතු කරමින් ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක වනු ඇත. භූමිය ආශ්‍රිතව කටයුතු කරන්නාවූ අයට යහපත් ඵල ලැබේ. ප්‍රබෝධයකින් යුක්තව කටයුතු කළ හැකි වේ.

සිංහ - ලේඛනයට  යහපත්

තම උත්සාහයෙන් කටයුතු කිරීමෙන් උපරිම ඵල අත්කරගන්නාවූත් කාල වකවානුවක් වේ. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වූ ඵල ලැබේ. ලේඛන කටයුතුවල නිරතවන අයටද යහපත්ය.

කන්‍යා - රෝගවලින් මිදේ

ඔබට එතරම් යහපත් නොවනු ඇත. නමුත් ඔබ රැකියාවෙන් ස්ථාන මාරුවක් අපේක්ෂාවෙන් සිටියේ නම් එම බලාපොරොත්තුව ඉෂ්ට කරගත හැකිවනු ඇත. සාහිත්‍ය කටයුතුවල නිරත අයට ශුභවන අතර යම්කිසි රෝගාබාධයකින් පීඩාවිඳි අයකු නම් එම රෝගවලින් මිදීමට හැකියාව ලැබෙනු ඇත.

තුලා - නීතිමය ගැටලුවක්

එතරම් යහපත් නොවන අතර නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව සිටිය යුතුය. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වේ. හවුල් වැඩවල නිරත අයටද යහපත් වනු ඇත.

වෘෂ්චික - ආගමික කටයුතු

ඔබගේ ක්‍රියාවලට විවිධ පාර්ශ්වවලින් බාධා කිරීම් ඇතිවේ. සතුන්ගෙන් ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ආගමික කටයුතුවලට සහභාගී වීමට අවකාශ ලැබෙනු ඇත.

ධනු - හිතවතුන්ගෙන් උදව්

නිතර සතුටින් කාලය ගෙවීමට හැකිවන්නාවූ වකවානුවකි. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වේ. හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වනු ඇත. කලා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත.

මකර - දේපල ලැබීම්

අලුත් හිතමිතුරන් හඳුනාගැනීමට හැකිවනු ඇත. අවිවේකී කාල වකවානුවක් වන අතර ඒ නිසාම හදිසි කේන්ති ගති නිරන්තරයෙන්ම ඇතිවනු ඇත. නව ඉඩමක් හෝ දේපලක් මිලදී ගැනීමට යහපත්ය.

කුම්භ - නව නිර්මාණ

ලේඛන හා සන්නිවේදන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වන අතර නව නිර්මාණ කිරීමට උචිත වකවානුවකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයටද යහපත් වන කාලයකි.

මීන - පවුලේ සමගියට බාධා

තමන්ගේ කටයුතුවල ප්‍රමාද ගති ඇතිවන අතර පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවනු ඇත. අත ඉතිරිය අඩු වන්නාවූත් කාල වකවානුවක් වේ. උණ රෝග අවදානම්වලින් පරිස්සම් වන්න.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය
ගෝනපල