2017 මැයි 13 වන සෙනසුරාදා

චීනෙන් ඇසෙන වීදුරු මසාජ්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

චීනය කියන්නෙ කොහොමත් අමුතු වැඩ අමුතු සංස්කෘතියක් තියෙන රටක්නෙ. ඉතින් චීනයේ සිදුකරන අමුතු තාලේ සම්බාහන ක්‍රමයක් ගැනයි මේ කියන්න යන්නෙ. මෙක හඳුන්වන්නේ Fire cupping කියලයි. 

මේකෙදි කරන්නේ මුනින් අතට හැරිලා ඉන්න සම්බාහනය ලබාගන්නා පුද්ගලයාගේ පිට මත කුඩා වීදුරු බඳුන් කිහිපයක් රැඳවීමයි. මේ රැඳවීම කරන්නේ ඒ කුඩා වීදුරු බඳුන තුළ තිබෙන වාතය ගින්දර මගින් රත්වීමට සැලැස්වීමෙනුයි. වාතය රත්වීමත් සමඟ වීදුරු බඳුන පිට මත සමෙහි හොඳින් ඇලී තිබෙනවා. මෙතැනදී සම්බාහන කාර්යය සිදුවෙන්නේ මෙහෙම රත් වුණු වාතය තුළින් සමේ අපවිත්‍ර දෑ ඉහළට අදිමිනුයි. ඒ වගේම රස්නය නිසා සම්බාහනයකුත් සමට හිමිවෙනවා.

පිට සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි වීදුරු බඳුන් සවි කළාට පස්සෙ රස්නය තවදුරටත් රඳවාගන්න පුළුවන් වෙන විදිහට මතුපිටින් රෙද්දක් අතුරනවා. තරමක් වේදනාකාරී මිනිත්තු කිහිපයකට පසුව මේ වීදුරු බඳුන් ඉවත් කෙරෙනවා. ඒවෙලාවට පිට මත වීදුරු බඳුනේ සලකුණු රවුම් රවුම් ලෙස ඇඳී තිබුණුත් ඉන්පසුව හිමිවන දෑත යොදා කරන සම්බාහනය තුළින් ඒ සලකුණු පහව යනවා. 

සම්බාහනයත් සම පිරිසිදු කිරීමත් දෙකම සිදුවන මෙම සම්බාහන ක්‍රමය චීනයේ වගේම මේ වෙද්දි අග්නි දිග ආසියාතික රටවල් බොහෝමයක දකින්න පුළුවන්.