2017 මැයි 13 වන සෙනසුරාදා

මහ පාෙළාෙව ගිලා බසී

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

අද රාත්‍රියේ රවි සතුරු රාශියට

මෙතෙක් තමාට උච්ච වූ රාශියේ ගමන් කරමින් සිටි රවි තමාට සතුරැ රාශි භවනක් වූ වෘෂභ රාශියට අද එනම්, 2017 මැයි මස 14 වැනි රවි දින රාත්‍රී දහය පසුවී විනාඩි පනස් හතට පිවිසේ. රවි වෘෂභ රාශියෙහි දී රවිටම අයත් වූ කැති නැකතේ දෙවන තුන්වන හතරවන පාදවලත්, සඳුට අයත් වූ රෙහෙන නැකතේ සම්පූර්ණවත්, අඟහරුට අයත් වූ මුුවසිරස නැකතේ ප්‍රථම හා දෙවන පාදවලත් මෙම ජුනි මස 15 වැනි ගුරු දින පාන්දර පහ පසුවී විනාඩි තිස් තුනක් දක්වාම ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී භූමිය ආශ්‍රිත අශුභ සිදුවීම් ඇතිවන අතර භූමියේ ගිලා බැසීමක් වාර්තා වනු ඇත. ඒ හේතුවෙන් විශාල දේපළ ප්‍රමාණයක් මෙන්ම ජීවිතවලට ද හානි වෙයි. පසුගියදා සිදුවූ විනාශය මෙන් නොසිතූ ලෙස භූමියට සිදුවන්නා වූ තවත් හානියක් වාර්තා වේ. පතල් කඩා වැටීමක් ද විය හැක. රජයේ ප්‍රධාන තනතුරක් දරණ පුද්ගලයකුට මාරකයක් ඇතිවනු ඇත. රජයට ප්‍රශ්න අර්බුද ගොඩගැසෙන වකවානුවකි. වැඩ කරන ජනතාව අතර ද ලෙඩරෝග පැතිර යන අතර ඔවුන්ගේ දෛනික කටයුතුවලට ද යම් යම් බාධාවන් ඇතිවනු ඇත.

මේෂ - ඉතුරුම් අඩු වේ
සිතේ සහනය අඩුවන්නා වූ වකවානුවක් වන අතර තමන්ගේ උත්සාහයට සරිලන්නා වූ ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වේ. දේශපාලන කටයුතුවල නිරතවන්නා වූ අයට යහපත්ය. ලැබීම් ඇතිවුවද ඉතිරි කරගැනීමට බාධා ඇතිවනු ඇත.
වෘෂභ - මිතුරන් අමනාප වේ
ඔබගේ සේවා කටයුතු සඳහා යහපත් වන්නා වූ කාල වකවානුවක් වේ. අනවශ්‍ය ප්‍රශ්නවලට මැදි නොවීමෙන් ඒවා මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තමාගේ වචනය නිවැරදිය යන මතයේ සිට ක්‍රියා කිරීමට යාමෙන් තම හිතමිතුරන් තමා සමඟ අමනාප වීම් සිදුවනු ඇත.
මිථුන - ගමන්වලට හොඳ නෑ
ඔබට එතරම් යහපත් ඵල අත් නොවනු ඇත. ගමන්වලින් පරිස්සම් වීම වැදගත්ය. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කිරීම සුදුසු වේ. කටයුතුවලට විවිධ බාධා එල්ල වන්නාවූත් කාලයකි.
කටක - කැපී පෙනේ
ඔබගේ උත්සාහයෙන් කටයුතු කිරීම තුළින් වැඩ කටයුතු රාශියක් ඉෂ්ඨ කරගත හැකි වන්නාවූත් වකවානුවකි. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත.
සිංහ - නව රුකියා
යහපත් ඵල අත්වන අතර තමා විසින්ම ගන්නා වූ තීරණ හේතුවෙන් කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. නව රැකියාවන් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වේ. සිතේ සතුට අඩුවන වකවානුවක් ද වේ.
කන්‍යා - දේශපාලනයට හොඳයි
ඔබට අයහපත් නොවන අතර තමා ගැන වැඩිපුර සිතා කටයුතු කිරීමට යාම හේතුවෙන් අන් අය තමා සමඟ සිත් අමනාපකම් ඇතිකර ගනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත.
තුලා - මුදල් යෙදවීම් පරිස්සමින්
ඔබට එතරම් යහපත් නොවන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වූ ඵල අත්වනු ඇත. විශාල අන්දමේ මුදල් යෙදවීම් මෙම වකවානුව තුළ සිදුකරන්නේ නම් කල්පනාකාරීව කටයුතු කිරීම යහපත්ය.
වෘෂ්චික - අනවශ්‍ය කරදර
සිතේ සහනය අඩුවන වකවානුවක් වන අතර හවුල් කටයුතු ආශ්‍රිත ප්‍රශ්න ඇතිවනු ඇත. තම කාලත්‍රයාට ශරීර පීඩා ඇතිවන අතර අනවශ්‍ය කරදර තමා වෙත එල්ලවීම් සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
ධනු - උදවු නොලැබේ
ඔබට එතරම් යහපත් නොවන අතර ගමන්වලින් පීඩා ඇතිවිය හැක. අන් අයගේ උදවු උපකාර හිමි නොවන කාලයක් වන අතර නීතිමය ගැටලුවකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම යහපත්ය.
මකර - වැඩ ප්‍රමාදයි
දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වකවානුවක් වන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. නමුත් යම් යම් හේතු මත තමන්ගේ වැඩ කටයුතුවල ප්‍රමාද ගති ඇතිවිය හැක.
කුම්භ - රුකියා දියුණුවට
රැකියා කටයුතුවල දියුණුවක් අත්කරගත හැකි නමුත් සිතේ සහනය අඩු වකවානුවක් ද වේ. ගමන්වලින් තරමක් ප්‍රවේසම් විය යුතු වේ. අන් අයගේ උපදෙස් පිළිනොගන්නා කාලයකි.
මීන - නීතිමය ගැටලු
නීතිමය ගැටලුවකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වේ. සිතේ ප්‍රශ්න ඇතිවන්නාවූත් වකවානුවකි. තමන්ගේ වැඩවල ප්‍රමාද ගති ඇතිවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණාධිපති
ඔලබොඩුව ගෝනපල

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00