2017 මැයි 27 වන සෙනසුරාදා

HIT TIPS

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

වැලිගමදී සර්ෆින් පාඩම්

Surfing හෙවත් රළ පැන්නුම් ක්‍රීඩාව කියන්නේ බොහෝ විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් සර්ෆින්වලට ආස කරන ඔබටත් සර්ෆින් ඉගෙන ගන්න අවස්ථාවක් ජුනි 3 සහ 4 දවස් දෙකේ උදාවෙනවා. ඒ වැලිගමදීයි. ජුනි 3 වැනිදා නුගේගොඩින් පිටත් වන මේ සර්ෆින් නඩය ඒ සති අන්තය තුළ සර්ෆින් වල මූලික කරුණු ප්‍රායෝගිකව උගන්වනවා. වැඩි විස්තර 0777339489 දුරකථන අංකයෙන් ලබාගත හැකියි. 

වායෝ සමඟ අපි සංගීත සැඳෑව

Technomedics ක්‍රීඩා සමාජය ඉදිරිපත් කරන වායෝ සමඟ අපි කවුරුද සංගීත සන්ධ්‍යාව ජුනි 3 වැනිදා සවස 6.30 කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වෙනවා. මේ ප්‍රසංගයට වායෝ වගේම උමාරියා, නදීක ජයවර්ධන වගේ තරුණ පරපුරේ කලාකරුවන් එක්වෙනවා.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00