2017 මැයි 27 වන සෙනසුරාදා

මුවන්පික් තරුපහේ සත්කාරය

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

මූවන්පික් කියන්නේ කොළඹට මෑතකදී එකතු වුණු තරු හෝටලයක්. දවස් දෙකක් පුරාවට මූවන්පික් හෝටලයේ කාලය ගතකරපු මම එතැන ආහාරපාන අත්දැකීම ගැන කතා කරන්න කල්පනා කළා. 

 

පළමුවැනි දවසේ රාත්‍රී ආහාරය මම ගත්තේ හෝටලයේ Brasserie නම් අවන්හලේදීයි. Lobster සහ Australian Lamb ආහාර දීසි දෙකක් එහිදී රස විඳින්න අවස්ථාව ලැබුණා. එතැන අතුරුපස අත්දැකීම ගැනත් කතා නොකරම බැහැ. චොකලට් සෝස්, චෙරි එකතු කරපු ඒ චොකලට් පුඩින් එකේ තිබු‍ණේ පුදුමාකාර රසයක්. 

Australian Lamb එක්ක Lobster මාරම රසයි

දෙවැනි දවසේ මම ආහාර ගත්තේ Robata Grill and Lounge කියන ජපන් අවන්හලේයි. එතැන ප්‍රධාන කෝකියා වුණු නොබුරු අපිට සුෂි, ශෂිමි, ටෙම්පුරා වගේම මිසෝ සුප් පිළිගන්වමින් අපේ දවසම රසවත් කළා. 

ටෙම්පුරා වගේම මිසෝ සුප් ඒ වගේමයි

මේ අවන්හල්වලට අමතරව හෝටලයේ මුදුනේ එහෙමත් නැත්නම් Roof top හි බාර් එක අසලත් රසවත් කෑම පිළිගැන්වෙනවා. කෑමවල රසයත් Infinity පූල් එකත් මුහුදේ දර්ශනයත් එක්ක මූවන්පික් අපිව වෙනම ලෝකයට අරගෙන යනවා. 

 ධනූ 
ඡායාරූප - You're My Favorite 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00