පරෙවි දූපත් සවාරිය
ත්‍රිකුණාමලය පරෙවි දූපත කියන්නේ සංචාරකයන්ගේ රජ දහනක්. මුහුද ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක නිරත වෙන්න පුළුවන් පරෙවි දූපත වෙත විනෝද සවාරියක් මේ වනවිට සූදානම් වෙනවා. ජුනි 11 වැනිදා සිදුවෙන මේ සංචාරයට එකතුවෙන්න ඔබටත් පුළුවන්. මුහුද යට කිමිදීම ඇතුළු ක්‍රියාකාරකම් රැසකට එකතුවෙන්න අවස්ථාව ලැබෙන මේ ගමන ගැන වැඩි විස්තර 0771621501 දුරකථන අංකයෙන් ලබාගත හැකියි.
රුපියල් විසි පන්දහසේ ග්‍රීක ආහාර සාදය
ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු ජාතික සූපවේදියෙකු වන George Calombaris ගේ සංචාරයක් සිනමන් හෝටල් සමූහය විසින් සංවිධානය කරලා තිබෙනවා. ඒ අනුව ජුනි 9 සහ 10 දිනවල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී Greek Feast නමින් ග්‍රීක ආහාර වැඩසටහනක් පැවැත්වෙනවා. කොහොම වුණත් ඒ සඳහා එක් අයෙකුගේ අයකිරීම රැපියල් 25,000ක්.