2016 දෙසැම්බර් 07 වන බදාදා

වැලිකතරේ Surfing

 2016 දෙසැම්බර් 07 වන බදාදා, පෙ.ව. 12:00 86

 

අපි හැමෝම Surfing ගැන දන්නවා. ආරුගම්බේ ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත් මේ Surfing ක්‍රීඩාව හින්දනෙ. හැබැයි මේ ත්‍රාසජනක අත්දැකීම අද වෙනකොට මුහුදට විතරක්ම සීමාවෙලා නැහැ. මුහුදෙ වගේම කාන්තාරෙත් Surfing කරන්න දැන් කට්ටිය යොමුවෙලා. හැබැයි මේක හඳුන්වන්නේ Surfing නෙමේ, Sand bording කියලයි. 

කාන්තාරවල හරියට මුහුදු රළ වාගේ උස් වුණු වැලි කඳු දකින්න පුළුවන්. ඉතින් මේ වැලි කඳුවල ඉඳන් Surfing Board එකක ආධාරයෙන් පහළට රූටා එන එක තමයි මේකෙදි කරන්න තියෙන්නෙ. 

වැලි කන්දක් මුදුනේ ඉඳන් පහළට රූටා ඇවිත් ඉන්පසුව සවිකරලා තියෙන විශේෂ වේදිකාවකින් ලොකු ගැම්මක් අරන් ඉන්පස්සේ වේගයෙන් පහළට රූටා එන්න පුළුවන්. කොච්චර වේගයෙන් පහළට ඇදී ගෙන එනවාද කිව්වොත් ඔබ පිටිපස්සෙන් දූවිලි වලාවක් ඇදී ගෙන ඒවි. මුහුදු රැල්ල නැති වුණාට කාන්තාරයේ දූවිලි රැල්ලත් එක්ක යන නිසා ඇස් ප්‍රවේසම් කරගන්න නම් ලොකු අවධානයක් දෙන්න වෙනවා. 

ලංකාවේ අපට කාන්තාර නැහැනෙ. ඒ නිසා මේ අත්දැකීම ගන්නත්, ඩුබායි, නැමිබියාව හෝ චිලී වගේ රටකට යන්න වෙනවා.