මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ශ්‍රී ලංකාව ව්‍යාපාර පටන් ගන්න හිතන්නේ ගොඩක් දෙනා අතර මඟ නැවතිලා ඉන්නවා. ඉරිදාවක් සතියට ඔයාලට පොඩි අදහස් හතරක්.
කුළු බඩු ව්‍යාපාරිකයෙක් වෙමු
මේ වැඩේ පටන් ගන්න ඔයා වැවිලිකරුවෙක් නම් වෙන්න ඕනේ නෑ. පොඩි උනන්දුවක් තිබුණ නම් නැති. එකක් ලාභයට වියලි මිරිස් වගේ දේවල් ගන්න පුළුවන් තැනක් හොයාගන්න. කොළඹට හරි ඔයාට ආසන්නතම නගරෙට හරි ගියොත් ඒක එච්චර අමාරු නෑ. හැබැයි හොඳ තත්ත්වයේ අමුද්‍රව්‍ය ගන්න එක වැදගත්.
ඊට පස්සෙ ඔයාට පුළුවන් වියලි මිරිස් වගේ දේවල් මෝලකට දාලා අඹරලා ගෙදර අරගෙන එන්න. ඊට පස්සේ තනියම හරි ගෙදර අය එක්ක හරි එකතු වෙලා ඒවා පැකට් කරන්න. ඇත්තටම ඒ වැඩේ අමාරු නෑ. ලස්සන ලේබල් එකක් එක්ක ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරල තිබ්බොත් වැඩේ තවත් නැගලා යයි.
ඉල්ලුම ගැන කලබල වෙන්න එපා. පොඩියට පටන් අරගෙන ඔයාගේ අවට තියෙන කඩවලට මේවා දැම්මොත්, තත්ත්වය හොඳනම් අනිවාර්යයෙන්ම අලෙවි වෙනවා. ගම්මිරිස්, කහ, තුනපහ වගේ දේවලුත් පැකට් කරන්න පුළුවන්. වැඩේ හරියටම අල්ලලා ගියොත් ඇඹරුම් යන්ත්‍ර එහෙම අරගෙන ලොකු ව්‍යාපාරයක් ආරම්භ කරන්න වැඩි කාලයක් යන එකක් නෑ.
තේ කොළ පැකට් කරමු
ලංකාව කියලා කියන්නේ තේ කොළ ඕනතරම් හොයාගන්න පුළුවන් රටක්. කොළඹ වගේම තොග මිලට ඕනෑ තම් තේ කොළ ගන්න පුළුවන්. ඒ නිසා තේ කොළ බිස්නස් එකත් බොහොම ලේසියෙන් පටන් ගන්න පුළුවන් වැඩක්. අනික ලංකාවේ මිනිස්සු අනිවාර්යෙන් තේ බොනවා.
ඔයාට පුළුවන් නම් කොළඹින් හරි නුවරින් හරි හොඳ තත්ත්වයේ තේ කොළ ටිකක් අරගෙන ඇවිල්ලා ඔයාගේ මහන්සියෙන් පැකට් කරන එක තමයි මෙතැනදී සිද්ධ සිද්දවෙන්න ඕනෑ. මෙතැනදී තොග මිලත් එක්ක ලැබෙන වාසිය වගේම ඔයාගේ ඔයාගේ මහන්සියට ලැබෙන වටිනාකමක් අවසානෙදි ඔයාට ඉතුරි වෙනවා.
මෙතනදී වැදගත් වෙනම දේ ප්‍රමිතිය. ඔයා පුංචියට ව්‍යාපාර පටන් ගන්න නිසා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගන්න හොඳ තත්වයේ නිෂ්පාදන මුලින් ලබාදෙන්න උත්සාහ කරන්න ඕනෑ. ඔයාගේ අවට ඉන්න අයට හිතවතුන්ට ඔයාගේ නිෂ්පාදනය හඳුන්වලා දෙන්න පුළුවන්.