හමුදාවට නොගොස් හමුදා විනයක් සහිත පුහුණිවකින් යුත් අධ්‍යාපනයක් ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමිවන්නේ ජාතික යොවුන් සේනාංකය හරහායි. දෛනික සැලැස්මක් සහිත ඉලක්ක මත, කාලය ඉතාම ඵලදායී ලෙස යොදා ගනිමින් උපරිම විනයගරුක පුරවැසියන් ලෙස හැසිරීම, ක්‍රියා කිරීම මෙන් ම අණ සහ නියෝගයන් මත සංවිධානාත්මක කැපකිරීම් සිදුකිරීම සෑම හමුදා සාමාජිකයකුගෙන් ම දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. එමනිසා එකී හමුදාමය යහගුණ සහිතව ජාතික යොවුන් සේනාංකය ස්ථාපිත වූ අතරම, එහි ප්‍රධානත්වය ද සෑම හමුදා සේවයේ ප්‍රධානියෙක් යටතට පත්කිරීමට ද රජය විසින් තීරණය කෙරුණි.
90 දශකයේ සිට තරුණ පරම්පරාවේ බහුතරයක් තුළ ප්‍රධාන වශයෙන් දක්නට ලැබුණු ඌන වෘත්තීය සුදුසුකම් සහිත වීම, සිවිල් සමාජය තුළ අභිමානයක් නොමැති වීම, නිසි ආදරයක් හෝ කාරුණික මඟපෙන්වීමක් නොමැති වීම ඇතුළු අපේක්ෂා භංගත්වය තුළ විවිධ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන් නිරන්තරයෙන් යොමුවීම පාලනය කිරීමට නම් මුලින්ම ඔවුන් තුළ වර්ධනය කළ යුත්තේ “ආත්ම අභිමානය” හා “ආත්ම විශ්වාසය” බව ජාතික යොවුන් සේනාංකයේ මූලික ක්‍රියාමාර්ග අතර විය.
ඒ අනුව මූලික අධ්‍යාපනය අ. පො. ස. සාමාන්‍ය පෙළින් අවසන් කරන හෝ විවිධ හේතු මත අවසන් කිරීමට සිදුවන යෞවන යෞවනියන්ට සිය ජීවන කුසලතාවය පිළිබඳව නිශ්චිතව සාකච්ඡා කළ හැකි තැනක් බවට ජාතික යොවුන් සේනාංකය ගොඩ නගා තිබේ.
අ. පො. ස. සා. පෙළ ප්‍රතිඵල, උසස් පෙළ හැදෑරීමට ඇති අවම ඉඩකඩ, උසස් අධ්‍යාපනයක් සඳහා ආර්ථිකමය හැකියාවක් නොමැතිවීම, දරිද්‍රතාවය, පාරිසරික දුෂ්කරතා (ග්‍රාමීය යටිතල පහසුකම් අවම වීම වැනි) වැඩිහිටි අනවබෝධය, ආගමික පසුබිම පෞරුෂ දුබලතා, මානසික පසුබෑම් වැනි හේතු මත සිවිල් සමාජයෙන් දුරස්වීමට උත්සාහ දරන හා එම හේතු නිසා ම සමාජයට සිය සමකාලීන පරපුරට වෛර කරන තරුණ පිරිස් තුළ ආත්ම අභිමානය, ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ගොඩනඟන, තහවුරු කරන තාරුණ්‍යයේ සොඳුරු නවාතැන්පොළ බවට ජාතික යොවුන් සේනාංකය පත්කිරීම වර්තමාන පාලන අධිකාරියේ ප්‍රමුඛතාවය බවට පත් වී තිබේ.
මේ වන විටත් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 49 ක් තුළ තරුණ පෞරුෂ සංවර්ධන මඟපෙන්වීමට අමතරව වෘත්තීය මාර්ගෝපදේශනය, පුද්ගල නායකත්ව පුහුණුව, ඉංග්‍රීසි භාෂා පාඨමාලා, තොරතුරු තාක්ෂණ පාඨමාලා, ඝන සරඹ හා බැහැරගත ක්‍රියාකාරකම් ආදී විෂයයන් පිළිබඳව මූලික අවබෝධයක් ලබා දේ. පුහුණු කාලය තුළ පැමිණීමේ සහ ආහාර දීමනාවක් ද, නිල ඇඳුම්, නවාතැන් සමඟින් රක්ෂණාවරණයක් ද පිරිනමමින් මේ කටයුත්ත ක්‍රියාත්මක වේ.
ජාතික යොවුන් සේනාංකය යෞවනත්වයට වෘත්තීය සුදුසුකම් සහිත NVQ 3 සහතිකය සමඟින්, අතරමඟ අතහැරුණු අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියට යාමට හෝ වෘත්තීය ගමන්මඟ ජය ගැනීමට මහත් රුකුලක් වනු ඇත
ජාතික යොවුන් සේනාංක ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ ආයතනය IBPO (Institute of Business Process Outsourcing) දැනට මෙරට රාජ්‍ය අංශය තුළ ක්‍රියාත්මක වන එකම හා ප්‍රථම BPO (Business Process Outsourcing) ආයතනයයි. කාර්යාල කළමනාකරණය (Back Office), මූල්‍ය (Finance) හා පාරිභෝගික සේවා (Custom Care) යන පාඨමාලා එහි ක්‍රියාත්මක වන අතර, එම පාඨමාලා අවසානයේ ජාත්‍යන්තර පිළිගැනීමක් සිසු සිසුවියන් වෙත ලැබේ.
අලුතෙන් ඔබ අත පත්වෙන දේශය - තරණ අධ්‍යාපන පිටුව පිළිබඳව
ඔබේ අදහස් පහත සඳහන් ලිපිනයට අප වෙත යොමු කරන්න.
දේශය තරණ අධ්‍යාපන පිටුව
අංක 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02.