2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

එක රැයෙන් ජනප්‍රිය වුණු අවුරුදු 19යේ තරුණයාගෙන් BBQ Shop එක

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 243

පහුගිය දවස්වල මුහුණු පොතේ පුංචි බාබකිව් කඩයක් පිළිබඳ වීඩියෝවක් සෑහෙන්න ජනප්‍රිය වුණා. මේ පුංචි කඩේ හිමිකරුවා වයස අවුරුදු 19ක තරුණයෙක්. ඔහු තමන්ව හඳුන්වන්නෙ හෂාන් කේ.පී. කියලා. ඇත්තටම ඔහු ලොකු උනන්දුවක් තියන, සාර්ථකත්වය ලුහුබඳින පුංචි ව්‍යවසායකයෙක්. අපි ඔහුට කතා කළා. ''දැන් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. කට්ටිය වීඩියෝ එක දැකලා හොයාගෙන එන අවස්ථාත් තියෙනවා. මැප් එකේ තියෙන රීවිව්ස් මෙහෙමත් ගොඩක් වැඩිවෙලා තියෙනවා. පිටරටවලින් මෙහෙමත් දුරකථන ඇමතුම්.

එනවා. සමහර අය උදව් කරනවා කියලත් කියනවා.''

ඔහු අපිට පිළිතුරු බැන්දේ අධික සතුටකින්. HKP BBQ Shop එක තියෙන්නෙ දැරණියගල. මේක ලොකුවට හදපු තැනක් නම් නෙවෙයි. පුංචියට නිර්මාණය කර ගත්තු තාමත් ආරම්භක අවධියේ තියෙන තැනක තමා හෂාන් මේ ව්‍යාපාර පවත්වාගෙන යන්නෙ.

කොහොම වුණත් හෂාන් කේ.පී.ට මේසා විසල් ප්‍රසිද්ධියක් ලැබුණේ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ගායන ශිල්පී කාමජ් සිල්වාගේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් විදිහට. කැනඩාවේ දක්ෂ ව්‍යවසායකයෙකු වන කාමජ් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට අත දීමේ අරමුණින් kamajchallenge කියන ව්‍යාපෘතියක් පටන් අරගෙන තිබුණා. ඒ හරහා තමා හෂාන් කේ.පී ගේ HPK BBQ Shop එක ඔහු හොයාගෙන තිබුණේ.

''ගයිස්, ඕගොල්ලෝ කමාජ් චැලෙන්ජ් ගැන අහලා නැත්නම්. මම ළඟදි ලංකාවේ දැරණියගල පැත්තේ පොඩි බාර්කිව් බිස්නස් එකකට උදව් කළා. මම ඒකෙන් ප්‍රසන්ට්ටේජ් එකක් ගන්නෙ නෑ. නමුත් මේ ෂොප් එක කොළඹට ගේන්න සහ ලංකාව පුරා ගෙනියන්න පියවරෙන් පියවර උදව් කරන එක තමයි මගේ සැලසුම්.''

වීඩියෝ අතිශය ජනප්‍රිය වීමෙන් පසුව කාමජ් ඔය විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ. ඔහු යම් මූල්‍යමය උපකාරයකුත් හෂාන් වෙත සිදුකරලා තියෙනවා.

හෂාන් කිව්ව විදිහට ඔහු කුඩා කාලේම තේරුම් අරගෙන තියෙනවා රැකියාවකට වඩා තමන්ට ගැලපෙන්නෙත් ව්‍යාපාරයක් කියලා. පුංචි වයසින් ව්‍යාපාරයකට අත තියන්න ආර්ථික දුෂ්කරතාත් හේතු වුණ බව ඔහු සඳහන් කළා. කොහොම හරි මේ වැඩේට මුලින්ම හෂාන් ආයෝජනය කරලා තියෙන්නේ රුපියල් විසිදහක විතර මුදලක්.

''මම මේක පටන් ගත්තෙත් එක්තරා තැනක වැඩකරල සල්ලි ටිකක් එකතු කරගෙන. දැනට අපේ ගෙවල් ගාව තමා වැඩේ කරගෙන යන්නෙ. මගේ බලාපොරොත්තුව මෙතන මේ විදිහටම අවුට්ලට් එකක් හදලා, කොළඹ කොහේ හරි තැනක ව්‍යාපාරය ලස්සනට පටන් ගන්න එක.''

සාර්ථක ව්‍යවසායකයෙක් සතු විය යුතු හීන සහ සැලසුම් හෂාන් සතුව තිබෙනවා. කාමජ් ඔහුට අවශ්‍ය පුහුණුව සහ දැනුම ලබාදෙන බවට පොරොන්දු වුණා. කාමජ් කියන්නෙ නව ව්‍යවසායකත්ව අදහස් නිසා සම්මානයට පවා පාත්‍රවුණ දක්ෂයෙක්. ඒ නිසා මේ කටයුත්ත සාර්ථක වෙයි කියන බලාපොරොත්තුව කා අතරත් තියෙනවා.

සාර්ථකත්වයේ හිනි පෙත්තට යන දක්ෂ ව්‍යවසායකයන්ගෙ කතාව වගේ. සාර්ථකත්වය හොයාගෙන යන වෙනස් අදහස් තියන මේ වගේ පුංචි තරුණ ව්‍යවසායකයන්ගෙනුත් ඉගෙන ගන්න පාඩම් ඕනෑ තරම් තියෙනවා. ඒ නිසයි අපි ඔහුගේ කතාව ඔබට කිව්වේ. 

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00