2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

පාඩම් මතක තබාගන්නෙ කොහොමද?

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 255

අප පසුගිය කලාපවලින් පාඩම් කිරීමේ විවිධ ක්‍රම ගැන සඳහන් කළා. මේ මතකයක් පවත්වා ගැනීම සඳහා තවත් උපක්‍රම කීපයක්,

පාන්දර පාඩම් මතක හිටිනවද?

සමහරු කියන්නේ පාන්දරින් නැගිට පාඩම් කළොත් ඒවා හොඳින් සිතේ ධාරණය වන බවයි. හිමිදිරි පාන්දර බාහිර ශබ්දවලින් තොර නිස්කලංක වටපිටාවක් තිබෙන්නේ. අපේ සිතත් නිද්දෙන් පස්සේ විවේකයෙන් තිබෙන්නේ. ඒ නිසා උදේ පාන්දර ඒ කතාවේ යම් සත්‍යතාවක් තිබෙනවා. නමුත් පාන්දර අවදිවීම හැමෝමට කරන්න බැහැ. සමහරු පාන්දර සීතලේ නැගිටිමට කම්මැලියි. ඒ වගේ කෙනෙකුට පාන්දර පොත අතට ගත්විට සිදුවන්නේ නිදිකිරා වැටීමයි. ඔවුන් අකමැත්තෙන් පාඩම් කරන නිසා කියවන දේ මොළයට යන්නෙ නැහැ. එවැනි අය යුත්තේ  තමන්ට ප්‍රබෝධයෙන් සහ වැඩි අවධානයකින් යුතුව පාඩමේ යෙදෙන්න සුදුසු වේලාවක් තෝරා ගැනීමයි. වඩාත් වැදගත් වන්නේ සිත එක අරමුණක තබාගෙන විෂය කරුණු සිතේ රඳවාගත හැකි වේලාවක පාඩම් කිරීමයි.

පාඩම් කරන අතර විවේකයක් ගන්න

ඔබ පාඩම් කිරීම ආරම්භ කර පොත දිහාම බලාගෙන පැය ගණන් එක දිගට ඉන්න එපා.   සාමාන්‍යයෙන් පැය එකහමාරකට වඩා එකදිගට පාඩම් කිරීම නුසුදුසු බවයි කියවෙන්නේ. ඉන්පසුව කෙතරම් පාඩම් කළත් ඒවා සිතින් ගිලිහී යනවා. මේ නිසා යම් වේලාවකට පසුව විවේකයක් ගෙන සිතට සැහැල්ලුවක් අරගෙන යළිත් පාඩමට සිත යොමු කිරීමයි සුදුසු වන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 40-50 කට වරක් විනාඩි 10ක විවේකයක් ගැනීම සුදුසු වෙනවා. මේ කෙටි විවේකයේදී සිත සැහැල්ලු කරගන්න උත්සාහ ගන්න. තේ එකක් බොන්න. ගීතයක් රස විඳින්න, එළිමහනේ පොඩ්ඩක් දුර ඇවිදින්න. එවිට නැවත පාඩමට යද්දී වැඩි අවධානයකින් වැඩකරන්න හැකියාව ලැබෙනවා. ඔබේ දෑස් සහ මනස තව තවත් විඩාබර කරන අවුල් කරන රෑපවාහිනී නැරඹීම, පරිගණකය හෝ Facebook භාවිතය නම් කුමන හේතුවක් නිසාවත් සිදු කිරීමෙන් වළකින්න.

කෙතරම් පාඩම් කළත් සිරුරට සුව නින්දක් ලබාගැනීම අත්‍යවශ්‍යයි. මේ නිසා  වැඩිපුර රූ වෙනකන් නැගිටගෙන පාඩම් කිරීම ගැනත් දෙවරක් සිතන්න. තමන්ගේ සිරුරට අවශ්‍ය නින්ද ලබා ගත්විට මොළයේ ක්‍රියාකාරීත්වයට වගේම ශාරීරික ප්‍රබෝධයත් පවත්වා ගත හැකියි.

හෙට පාඩම් ගැන සැලසුම් කරන්න

සෑම දිනකම රෑට පසුදින පාඩම් කිරීමට නියමිත දේවල් ගැන සැලසුම් කරගන්න. ඒ ඒ විෂය කොටස් පාඩම් කිරීමට නියමිත වේලාවන් සටහන් කර තබාගන්න. ඊට පසු කාලසටහනට අනුව පාඩම් කිරීමට සිතට විධාන ලබාදෙන්න.

I අන්තර්ජාලයෙනි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00