2017 ජුනි 17 වන සෙනසුරාදා

ලග්න හතරකින් උපදින දරුවන්ට පංච මහා පුරුෂ යෝගය

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

2017 ජුනි 18 වන ඉරු දින රාත්‍රි 10.52ට බුධ තමාට ස්වක්‍ෂෙත්‍ර රාශි භවනක් වූ මිථුන රාශියට පිවිසේ. බුධ අඟහරුට අයත් මුවසිරස නැකතේ තුන්වන හතරවන පාදවලත්, රාහුට අයත් අද නැකතේ සම්පූර්ණවත්, බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලත් 2017 ජුලි 3 වන සඳු දින පාන්දර 3 පසුවී විනාඩි 7 දක්වාම බලවත් වූ ගමනක යෙදෙනු ඇත. විශේෂයෙන් මෙම වකවානුව තුළ මිථුන, කන්‍යා, ධනු හා මීන ලග්නවලින් උත්පත්තිය ලබන්නාවූ දරු දැරියන් ඉතා බුද්ධිමත් කීර්තිය ලබන්නාවූත් රටට වැඩදායී පිංවත් අයවෙනවා ඇත. එම දූ දරුවන්ට පංච මහා පුරුෂ යෝගයක් වූ භද්‍රයෝග බලය හිමිවනු ඇත. මීළඟට අප රට කෙරෙහි අවධානය යොමු කරමු.

රටේ දියුණුව වෙනුවෙන් නව නීති පනත් ගෙන එන කාලවකවානුවක් වනු ඇත. කලා නිර්මාණයක් නීතිමය ගැටලුවකට බඳුන්වෙයි. වංචනික ලියවිල්ලක් පිළිබඳ හෙලිවීමෙන් මහජන අප්‍රසාදය ඇති වේ. ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් බුද්ධිමත් පුද්ගලයකුගේ කීර්ති නාමයට හානිවනු ඇත.

මේෂ - අධ්‍යාපනයට යහපත්

හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකිවනු ඇත. ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල ලැබේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ද යහපත් ඵල වර්ධනය වන වකවානුවකි.

වෘෂභ - වචනයට බලයක්

ඔබගේ වචනයට අන් අය නතුකරගත හැකිවනු ඇත. තරමක් කේන්ති ගතියෙන් යුක්තව මෙම වකවානුව ගතකරයි. යම් යම් කටයුතුවලට විවිධ ප්‍රාර්ශවවලින් බාධා කිරීම් ඇති කෙරේ.

මිථුන - ගෞරවය හිමිවේ

ඔබට ඉතා යහපත් ඵල අත්වන අතර ඔබ කරන කටයුතුවල සාර්ථක වීමක් අත්වන වකවානුවක් වේ. අන් අය අතර ගෞරවයට පාත්‍ර වනු ඇත. නව දේපලක් මිලදී ගැනීමටද යහපත් වකවානුවක් වේ.

කටක - විවිධ විරෝධතා

එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ විරෝධතා එල්ලවේ. පවුල් ජීවිතයේද සමගිය පලුදු විය හැකි වකවානුවක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

සිංහ - ආර්ථිකයට හොඳයි

ඔබට යහපත් වන අතර ඔබගේ ආර්ථිකය වර්ධනය වන්නාවූත් වකවානුවක් වේ. විශේෂයෙන් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් ඵල අත්වන වකවානුවකි. තම හිතවතුන්ගේ සහයෝගය ලැබේ.

කන්‍යා - රැකියා උසස්වීම්

ඔබට ඉතා යහපත් වන අතර ඔබගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන, අන් අය අතර ගෞරවයට ලක්වන්නාවූත් වකවානුවකි. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වූයේ නම් තම බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

තුලා - ආත්මාර්ථකාමී වේ

වැඩිපුර ඔබ ගැනම සිතා කටයුතු කිරීමට යාම හේතුවෙන් තමා ළගින් සිටි අය සිත් අමනාපකම් ඇති කරගන්නා වූ කාලයක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත.

වෘෂ්චික - හදිසි ශරීර පීඩා

ඔබට යහපත් නැත. ඔබගේ කටයුතුවලට විවිධ බාධාවන් ඇතිවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. හදිසි ශරීර පීඩා මතුවනු ඇත. මෙම කාලය තුළ විශාල ලෙස මුදල් ආයෝජනය නොකරන්න.

ධනු - යුගදිවියේ ප්‍රශ්න අවසන්

ඔබටත් ඉතා යහපත් ඵල ගෙනදෙන අතර හවුල් කටයුතුවල නිරත අයටත් ව්‍යාපාරික කටයුතුවල නිරත අයටත් ඉතා යහපත් වේ. පවුල් දිවියේ පැවති ප්‍රශ්න මඟහැරි යන්නාවූත් වකවානුවක් ද වේ.

මකර - සතුරන් මර්දනය

ඔබට යහපත් ඵල අත්නොවනු ඇත. ඔබට එරෙහි සතුරැ බලවේග මර්දනය කරගත හැකි වේ. උසස් අධ්‍යාපනික කටයුතුවල නිරත වන අයට යහපත් ඵල අත්වනු ඇත.

කුම්භ - අලුත් හිතවතුන්

අලුත් හිත මිතුරන් ඇසුරු කිරීමට ලැබෙන්නාවූ වකවානුවක් වේ. අධ්‍යාපන කටයුතුවල මෙන්ම ලේඛන කටයුතුවල නිරත වී සිටින අයටත් යහපත් ඵල අත්වනු ඇත.

මීන - හිමිකම් ලැබේ

ඔබට ඉතා යහපත් වකවානුවක් වේ. ආර්ථික වාසි අත්වන අතර නව ආයෝජනයක් සිදුකිරීමට යහපත් වකවානුවකි. උරුම හිමිකමක් ලැබීමට භාග්‍යය ඇති කාලයක් ඇතිවේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ 
පර් යේෂණායතනය
28, ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00