2017 ජුනි 17 වන සෙනසුරාදා

Samurai බර්ගර් කාලා Kitkat මිල්ක්ෂේක් බොන්න සිනමන් රෙඩ්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

සිනමන් රෙඩ් කියන්නේ කොළඹ තියෙන බොහෝම සරල නමුත්, සිත්ගන්නා සුළු ව්‍යාපාරික හෝටලයක්. එහි සෑම තැනකම රැඳී තිබෙන්නේ අලුත් අත්දැකීමක් කියල කිව්වොත් නිවැරදියි. 

සිනමන් රෙඩ් හෝටලයේ ආහාර අත්දැකීම හරිම අපූරු එකක්. එහි ප්‍රධාන අවන්හල නම්කරලා තියෙන්නේ, FlavouRED නමිනුයි. බොහොම රසවත් විවිධ ආහාර රටාවන්ට අයත් ආහාර එහිදී පිළිගැන්වෙනවා. උදේ දවල් සහ රාත්‍රී ආහාරවේල් තුනම එහිදී ලබාගන්නත් පුළුවන්.

StirRED කියන්නේ හෝටලයේ 7 වැනි මහලේ පිහිටා තිබෙන තවත් අවන්හලක්. lounge පෙනුමක් සහිත මේ අවන්හල ඇත්තටම ආහාර රුචිය තවත් වඩවන තැනක්. එතැනදී ආහාර වර්ග කිහිපයක්ම රස බලන්න මට අවස්ථාව ලැබුණා.

Shrimp Po'boy, Prawn in Brioche bread, the RED dog ඒ අතරින් කිහිපයක්. ඒ වගේම මගේ ප්‍රියතම බර්ගර් එකක්වන Samurai Burger එකක රස බලන්නත් අමතක කළේ නැහැ. මේ අවන්හලේ පිරිනැමෙන බොහොම රසවත් බීමක් විදිහට KitKat milkshake නම් කරන්නත් පුළුවන්. 

l ධනූ
ඡායාරූප - You're My Favorite