2017 ජුනි 17 වන සෙනසුරාදා

පානදුරට පහන්වැටක් එක්කරන Jie Jie Beach

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 231

සුඛෝපභෝගී ජෙට්වින්ග් නවාතැන් අත්දැකීම් පානදුර වෙරළ තීරයට සමීප කරමින් Jie Jie Beach හෝටලය පසුගියදා විවෘත වුණා. ජෙට්වින්ග් කළමනාකාරීත්වය යටතේ තියෙන මේ හෝටලයේ හිමිකාරීත්වය දරන්නේ Jie Zhong Jie Lanka Development Construction & Engineering කියන පෞද්ගලික සමාගමයි. 

කොළඹ නගරයේ සිට පැය දෙකකටත් අඩු කාලයකින් ළඟා වෙන්න පුළුවන් තැනක පිහිටලා තිබෙන මේ හෝටලය කෙටි වේලාවක් තුළ නාගරික කාර්ය බහුල ජීවිතයෙන් මිදෙන්න ගමන් කරන්න පුළුවන් තැනක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. පානදුර ප්‍රදේශයට එක්වුණු විශාලතම සුඛෝපභෝගී හෝටලය වන Jie Jie Beach හි මුළු කාමර සංඛ්‍යාව 180ක්. මුහුද දෙසට මුහුණල බැල්කනි සහිත මේ කාමර Deluxe සහ Suites කියන මාදිලි දෙක යටතේ ඉදිරිපත් කෙරෙනවා.

මේ හෝටලයේ ප්‍රධාන අවන්හල් දෙකක් පිහිටා තිබෙනවා. ඉන් එකක දේශීය සහ බටහිර පන්නයේ ආහාර බුෆේ පන්නයට පිළිගැන්වෙද්දී Golden Silk නමැති අනෙක් අවන්හල සම්පූර්ණයෙන්ම වෙන්වන්නේ චීන කෑම සඳහායි. 
හෝටලය විවාහ අවස්ථා ඇතුළු උත්සව වෙනුවෙනුත් විශේෂ සූදානමකින් පසුවෙනවා. 550 දෙනෙකු අසුන් ගැන්විය හැකි දැවැන්ත උත්සව ශාලාවකුත් එය සතුයි. පිහිනුම් තටාකයක්, ස්පා ඇතුළු තවත් පහසුකම් රැසකින් සමන්විත Jie Jie Beach හෝටලය ඇත්තටම කෙටි කාලයක් තුළ නාගරික කලබලකාරී ලෝකයෙන් මිදෙන්න තිබෙන හොඳම තැනක්.

ඒ වගේම එහි සිට රිච්මන්ඩ් කාසල්, පාහියංගල, කළුතර බෝධිය, ජෙෆ්රි බාවා නිවස ආදී තැන් බොහෝමයකටත් පහසුවෙන් ළඟා විය හැකියි. 

l සනත් වීරසූරිය