Discover Mannar ඡායාරූප දැක්මේ ජයග්‍රාහකයෝ
මන්නාරම සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා ඡායාරූප සංගමයත් ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවත් (IFC) සම්බන්ධ වී ඉදිරිපත් කළ Discover Mannar ඡායාරූප ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයන් පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණා. ඡායාරූප 300ක් අතුරින් මේ විදිහට ජයග්‍රාහකයින් 16 දෙනකු තෝරාගැනුණා. එහි විවෘත කාණ්ඩයේ ජය නිශාන්ත මංජුලටත් ශිෂ්‍ය කාණ්ඩයේ ජය අක්ෂේ සත්රුකල්සිංහටත් හිමිවුණා. කොළඹ Park Street Mewsහි පැවැති මේ සම්මාන උළෙලේදී ජයග්‍රාහකයන්ගේ ඡායාරූපත් ප්‍රදර්ශනයට එක්කර තිබුණා.
සිද් ශ්‍රී රාම් සංගීතය අද
ෆිල්ම් ෆෙයාර් සම්මාන ලාභී දකුණු ඉන්දියානු ජනප්‍රිය ගායකයකු වන සිද් ශ්‍රීරාම්ගේ සංගීත ප්‍රසංගයක් ජූනි 25 කොළඹ SLECC හිදී සවස 7.30ට පැවැත්වෙනවා. දමිළ සහ තෙළිඟු සිනමාපට ආශ්‍රිත පසුබිම් ගායකයකු ලෙස නමක් දිනාගෙන සිටින සිද්ගේ ගීත රැසක් සජීවීව රස විඳින්න පුළුවන්.