2017 ජුලි 01 වන සෙනසුරාදා

මුහුදෙ වගේද වැල්ලෙ Surfing

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

සර්ෆින් කිව්වම හැමෝටම සාමාන්‍යයෙන් මතක් වෙන්නේ මුහුදෙ කරන සර්ෆින්. එක්කො රැල්ලත් එක්ක සර්ෆ් කරන එක, නැත්නම් Kite Surfing කියල හඳුන්වන සුළඟෙ යන සරුංගලයක් වගේ දෙයක ආධාරයෙන් කරන සර්ෆින්. හැබැයි ගොඩබිමත් සර්ෆින් කරන්න බැරි නැහැ. මේක හඳුන්වන්නේ Sand Surfing කියලයි.

මුහුදෙ සර්ෆින් කරද්දී පුවරුවක් පාවිච්චි කරනවා වෙනුවට ගොඩබිම සර්ෆින් කරද්දී රෝද උවමනා වෙනවා. ඉතින් ටිකක් පළල් රෝද දෙකක් සවිකරපු පොඩි ට්‍රයිසිකල් එකකට නැඟිලා පැරෂුටයක ආධාරයෙන් ඇදී යන්න තමයි මේකෙදි කරන්න තියෙන්නෙ. හැබැයි සුළං බලය වැඩිවුණු වෙලාවට ට්‍රයිසිකලයත් එක්ක ඔබවත් උඩට ඇදිලා යන්න ඉඩ තියෙන නිසා හරි පරිස්සමෙන් තමයි මේ ක්‍රීඩාව කරන්න වෙන්නෙ.

ඒ වගේම වතුරේදී තුවාල අනතුරු අඩු වුණාට ගොඩබිම සර්ෆින් කරද්දී නම් අනතුරු ගැන ගොඩක් සැලකිලිමත් විය යුතුයි. වැටීම් සීරීම් නිසා ගොඩක් තුවාල වෙන්න පුළුවන්. කොහොම නමුත් හොඳින් ඉඩ තිබෙන තැනිතලා ප්‍රදේශයකදී අත්හදා බලන්න හොඳ ක්‍රීඩාවක් තමයි මේ Sand Surfing. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00